ෆයිසර් - බයෝඑන්ටෙක් එන්නත සාමාන්‍ය ජනතාව තුළ කොතරම් හොඳින් ක්‍රියාත්මක වේද යන්න පිළිබඳව තවමත් සීමිත තොරතුරු ඇති හෙයින්, එන්නත් කරනලද පුද්ගලයන් තමන් සහ වෙනත් අය ආරක්ෂා කිරීම පිළිබඳ වර්තමාන සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බව එක්සත් ජනපදයේ රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනය (CDC) පවසයි.
රෝග පාලනය හා වැළැක්වීමේ ආයතනයේ, ප්‍රතිශක්තිකරණ පිළිවෙත් පිළිබඳ උපදේශක කමිටුව මෙම එන්නත සඳහා අනුමැතිය ලබාදීමෙන් අනතුරුව ඇමෙරිකානුවන් වෙත මෙම උපදෙස් ලබාදී තිබේ. එම මඟපෙන්වීම අතර මුඛ ආවරණයක් පැලඳීම, අන් අයගෙන් අඩි 6ක් දුරස්ථතව සිටීම, සෙනඟ රැස්වුණ තැන් මඟහැරීම සහ නිතර අත් සේදීම ඇතුළත් වේ.
CDC හි වෛද්‍ය සාරා එම්බායි පැවසුවේ එන්නත මගින් රෝගයේ බරපතලකම හෝ සම්ප්‍රේෂණය අඩු කළ හැකි ආකාරය සහ ආරක්ෂාව කොපමණ කාලයක් පවතින්නේද යන්න පිළිබඳ තොරතුරු දැනට සීමිත බවය. මාත්‍රා දෙකක එන්නත් මාලාවෙන් ආරක්ෂාවක් සැලසීම ක්ෂණික නොවන බවත්, කිසිදු එන්නතක් 100%ක් ඵලදායී බව තවමත් ප්‍රකාශ කළ නොහැකි බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.