සංවර්ධනය වෙමින් පවතින රටවලට කොවිඩ්-19 එන්නත් සැපයුම ඉහළ නැංවීමේ සැලසුමක් පිළිබඳ විධිමත් සාකච්ඡා ආරම්භ කිරීමට ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයන් බදාදා එකඟ වූ නමුදු එන්නත්වල පේටන්ට් අයිතිවාසිකම් අත්හැරීම සහ අත්නොහැරීම යන ප්රතිවාදී තර්කවලට මුහුණ දී සිටින බව කියයි.
බොහෝ නැගී එන ජාතීන්ගේ සහාය ඇතිව දකුණු අප්රිකාව සහ ඉන්දියාව එන්නත් සහ වෙනත් ප්රතිකාර සඳහා පේටන්ට් අයිතීන් තාවකාලිකව අත්හැර දැමීමට මාස 8ක් පුරා උත්සාහ කරමින් සිටියි. මෙමගින් දේශීය නිෂ්පාදකයින්ට එන්නත් නිෂ්පාදනයට ඉඩ දිය හැකි අතර, සැපයුමේ පුදුමාකාර අසමානතාව දුරු කිරීම සඳහා ඒ ක්රියාමාර්ගය ඉවහල් වෙයි.
කෙසේ වෙතත් සංවර්ධිත රටවල්, විශාල ඖෂධ සමාගම්වල නිවහනක් වන අතර, ඔවුන් තර්ක කරන්නේ පේටන්ට් අයිතීන් අත්හැර දැමීම නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැති බවත්, එන්නත් හා චිකිත්සාව පිළිබඳ අනාගත පර්යේෂණ හා සංවර්ධනය අඩපණ කළ හැකි බවත්ය.
කෙසේ වෙතත් මේ අර්බුදය මැද ලෝක වෙළඳ සංවිධානයේ මහා මණ්ඩලය රැස්වන විට ජූලි 21 සිට 22 දක්වා කාලය තුළ සාකච්ඡාවල ආකෘතිය තීරණය කිරීම සහ එන්නත් සැපයුම් සැලැස්ම පිළිබඳ ඔවුන්ගේ ප්රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා ලෝක වෙළඳ සංවිධානයේ සාමාජිකයින් එකඟ වූ බව ජිනීවා හි නිලධාරියෙකු පැවසීය.
"මාස 8ක් පුරා කඹ ඇදීමකින් පසුව මෙය විශාල ඉදිරි ගමනක්" එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.