අය වැය හිගය පියවා ගැනීම පසුගිය රජයන් අය වැය මගිනී මූලිකත්වය දී කටයුතු කළද මෙවර අයවැය කෘෂි කර්මාන්තය ගොඩ නගන්න විශේෂ අවධානයක් යොමු කර තිබෙන බව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
2021 අය වැය කාරක සභා අවස්ථාවේ විවාදයට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා අද (10දා) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කළේය.
එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයාගෙන් පසු දැවැන්තම මාර්ග විප්ලවය සිදු වන්නේ වත්මන් ආණ්ඩුව කාලයේ බවට නිහතමානී ආඩම්බරයකින් සඳහන් කරන බවත් අය වැයෙන් වෙන් කරන මුදල් අයත් වන්නේ මෙරට සමස්ත ජනතාවට බවත් අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.