එජාපේ ආණ්ඩුවට යන SLFP මන්ත්‍රීන්ට ඇමතිකම් නෑ - ජනපති
එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එක්නොවන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉල්ලා ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේය.
එක්සත් ජාතික පෙරමුණට කිසිවෙකු හෝ එක්වුවහොත් ඔවුන්ට තමන් ඇමතිකම් ලබා නොදෙන බවද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඊයේ (17දා) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවකදීය.
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ අනුමැතියකින් තොරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුවට එකතු කර ගැනීමට එම පෙරමුණ මන්ත්‍රීවරුන් විරෝධය පළකිරීමත් සමග අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පවසා ඇතැයිද වාර්තා වේ.

popular news
-
Champa Tuesday, 18 December 2018 10:44 AM
තනි එජාප කැබිනට් එක සමහර පනත් වලට සම්පූරණ කැමැත්ත දීල පාර්ලිමේන්තුවේ 117න් සම්මත කරගන්න පුළුවන්. ඒ හින්ද අවදියෙන් ඉන්න වෙයි. හැබැයි දැන් ඉතින් ජනාධිපතිගෙයි ශ්‍රී ලංකා එකෙයි උදව්වෙන් රනිල් සම්මත කරගන්න ඕනේ සියුලු දේශද්‍රෝහී පනත් ටික සම්මත කරගෙන ඉවරයි. විකුනන්න ඕනේ ඒවා ටිකත් විකුණගෙන ඉවරයි. අස්සයට යන්න ඇරලා ඉස්තාලේ දොර වහපු ජනාධිපති දැන් පුස් පාර්ට් දානව.
Reply : 23 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

