එජාපයේ රහසිගත වැඩක් ගැන වාසුගෙන් හෙළිදරව්වක්
අගමැති ධුරය මහින්ද රාජපක්ෂ මහතාට ලබාදීමේ තීරණයට විරෝධය පළකරමින් අධිකරණයට යාහැකි වුවද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ දක්වා එවැනි පියවරක් නොගැනීම ගැටලුවක් බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
ප්රකෝපකාරී සිදුවීම් ඇතිකර රාජ්‍ය අංශය කඩාදැමීමට එක්සත් ජාතික පක්ෂ අභ්‍යන්තරයේ රහසිගත වැඩපිළිවෙළක් සිදුවන බවට තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම පවසා සිටියේය.
පාර්ලිමේන්තුව තීරණයක් ගන්නාතුරු ජනාධිපතිවරයා විසින් මේ වන විට ගෙන තිබෙන සියලු තීරණ වලංගු බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තුව කැඳවීම සම්බන්ධව තමන් විරුද්ධ නොමැති බවත්, විධායකයේ වගකීම් පැත්තකට දමා පාර්ලිමේන්තුව කැඳවිය නොහැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

popular news
-
ඒම්. ඒ. ජේ Tuesday, 30 October 2018 09:51 PM
වයසට යන කොටවත් මනුස්ස ගති දියුණු කරලා නැ! - මේ වැනි දේ ප්රවෘත්ති වශයෙන් පළ කිරිම සුදුසු දැයි අද කතෘතුමා තිරණය කරන්න. මේ වැන දේ පළ නොකර සිටිම මේ අවස්ථාවේ රටට යහපතක්!
Reply : 41 0
rocky Wednesday, 31 October 2018 05:32 AM
ඔබට හරි වුනාට අපට පෙනෙන විදිහට හරි නැහැ වගෙයි. පාර්ලිමේන්තුව නො කැඳ වන්නේ ඇයි? පාර්ලිමේන්තුව බාල්දු කිරීම ෆැසිස්ට් පාලනයට පාර කපා දෙන ක්‍රමයක් නිසාද?
Reply : 27 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

