එජාපය මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු නොකළ හේතු රනිල් කියයි
ජුනි 20 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලමින් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට එක්සත් ජාතික පක්ෂය ක්‍රියා නොකළේ තම පක්ෂය එම කරුණ සම්බන්ධයෙන් වෙනත් මතයක සිටි නිසා බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
එක්සත් ජාතික පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානය ද එම කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට ක්‍රියා නොකළ බව ද රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ කරුණු පෙන්වා දුන්නේ කොල්ලුපිටියේ සිය පෞද්ගලික නිවසට අද (03) පෙරවරුවේ පැමිණ සිටි හිටපු මැති ඇමතිවරුන් අමතමිනි.
ජනාධිපතිවරයා විසින් නිකුත් කළ අදාළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල තීරණය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුව අනුව එක්සත් ජාතික පක්ෂය ද මේ සම්බන්ධයෙන් දැරූ මතය සනාථ වූ බව ද වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
ඉහත කරුණ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට යන අවස්ථාවේ දී තමා එහි නීතිමය පසුබිම ද අධ්‍යයනය කිරීමෙන් පසු අදාළ පියවර ට නොඑළැඹීමට තීරණය කළ බවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය
popular news
-
Dayan Wednesday, 03 June 2020 05:41 PM
ඔයා දක්ෂයා එහෙත් පක්ෂය වල පල්ලටම යැව්වා. සජිත් අනෙක් කෙනා, දැන් දෙගොල්ලෝ ඇරගනිල්ල දෙපැත්තට වෙලා.. රට ගැන නම් හිතන්නම එපා.
Reply : 0 0
rocky Sunday, 07 June 2020 11:47 AM
ඔබතුමා පොහොට්ටු බල කඳවුරේ හොඳ මුක්කුවක් බව දැන් කවුරුත් දන්නවා. පින් සිද්ධවෙයි මහත්තයෝ, දෙපිටකාට්ටු කම් නොකර අයින් වෙලා ඉන්න. නිකං පීචන් වෙන්නේ නැතුව.
Reply : 0 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

