එජාපය නායකත්වයේ වෙනසක් නෑ
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් නොමැති බවත් එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වලට බිය නොමැති බවත් එහි මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
බී.බී.සී. සිංහල සංදේශය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“එක්සත් ජාතික පක්ෂය ඡන්ද වලට බය නෑ. අපි නෙමෙයි ඒ අයයි 113 නැතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරියේ. අපි මේ ඡන්දය ජයග්‍රහණය කරලා පාර්ලිමෙන්තුව පිහිටෙව්වාට පස්සේ නැවතත් මේ ජනපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියොත් මොකක්ද ඇතිවන තත්ත්වය.
මේ තීරණයට එරෙහිව අපි විතරක් නෙමෙයි පක්ෂ ගණනාවක් අධිකරණයට යන්න තීරණය කර තිබෙනවා. අපි අරලිය ගහ මන්දිරයෙන් යන්නේ නෑ. තාමත් අගමති රනිල් වික්‍රමසිංහ මහතායි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් වෙන්නේ නෑ.අපි මැතිවරණ වලට මුහුණ දෙන්න බය නෑ.:”
popular news
-
rocky Sunday, 11 November 2018 10:46 AM
මේ අවස්ථාවේදී කිසි සේත්ම වෙනස් කල යුතු නැහැ! සමගියෙන් පොදු සතුරාට මුහුණ දිය යුතුයි!
Reply : 3 1
mahinda Sunday, 11 November 2018 11:17 AM
නායකයා කෙසේ වෙතත් අගමැති අපේක්ෂක අලුත් කෙනෙක් නැත්නම් UNP එකට විරුද්ධ පක්සේට වෙලා තව අවුරුදු 10 ඉන්න පුළුවන්. වෙනසක් නැත්නම් අපිත් නැහැ ඉතින්. ආයුබෝවන් තමා.
Reply : 0 3
Champa Sunday, 11 November 2018 01:34 PM
මට නම් පක්ෂ ඇතුලේ දේවල් වැඩක් නැහැ. හැබැයි ව්‍යවස්ථා විරෝධිව ජනාධිපති පාර්ලිමේන්තුව විසිරුවීම යට යූඑන්පී එකේ පිරිසක් ඉන්න පුළුවන් කියන එක පේනවා. ඒ මොකොද කිව්වා නම් මේ තීරණයට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට යනව කියන ගමන් මැතිවරණයක් ගැන කතා කිරීම contradictory. මැතිවරණයක් ගැන කතා කිරීම පාර්ලිමේන්තුව විසුරුවීම සාධාරණීය කිරීමක්. ඒ හින්ද කතා කරන්න ඕනේ මේක උසාවි ගෙනියන එක ගැන විතරයි. මම නම් හරි කැමති යූඑන්පී එක දෙකට වෙනවට. හැබැයි අද ජනාධිපති ව්‍යවස්ථාව කඩ කරන කොට ඒකාබද්ධ විපක්ෂය, දේශප්‍රේමියෝ, ජතිකවාදියෝ කවුරුවත් උසාවි යන්නේ නැහැ. දෙබිඩි පිළිවෙතක් තියෙන්නේ. ඒ හින්ද ජනතාවගේ චන්ද අයිතිය වෙනුවෙන්, කාට තිබුනත් ජන වරමට ගරු කිරීම වෙනුවෙන්, පාර්ලිමේන්තු ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් කවුරුවත් නැහැ කතා කරන්න. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම තනිකරම ව්‍යවස්ථාව කැඩීමක්. ඒක කරන ගමන් ඊට එරෙහි මොනව හරි බලවේග තියෙනව නම් ඒවා දුර්වල කරන්න හදන බවත් පේනවා. මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් නෙමෙයි. ඒක එන්න තියෙන්නේ 2020. ඊට කලින් ඕනේ ජනාධිපතිවරණයක්. ඒ හින්ද අවධානය යොමු වෙන්න ඕනේ ශ්‍රේෂ්ඨාධිකරණය යන එකට.
Reply : 1 1
Deepal Nirosh Monday, 12 November 2018 09:13 AM
මහින්ද මහතා තම පක්ෂ නායකත්වය දැරුවේ අවුරුදු 10යි. ඒත් රනිල් වික්‍රමසිංහ මහතා 1993 සිට මේ දක්වා පක්ෂ නායකයා. පවුග් වාදයට වඩා භයානකයි ඒක පුද්ගල වාදය.
Reply : 1 1
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

