එජාපය තව ටික දවසකින් රටේ දකින්නවත් නෑ - ඉන්දික
සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළ නිවාස අමාත්‍යාංශය සහ ඊට අයත් ආයතන සම්පූර්ණයෙන්ම සෝදා පාළුවට ලක්වි ඇති බවත්, එම ඉරණම එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියේදී අත්වි එක්සත් ජාතික පක්ෂය රට තුළ දකින්නටවත් නොලැබෙන බව නිවාස පහසුකම් රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියාසිටියේ මොරටුව ප්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගි විමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“අකාර්යක්ෂමතාවය සහ කළමනාකරණ අඩුපාඩුකම් විශාල වශයෙන් රාජ්‍ය ආයතන වල පවතිනවා. ඒ සඳහා පසුගිය රජයේ පැවැති දේශපාලන අධිකාරිය වගකිව යුතුයි. පසුගිය කාලයේ සිටි දේශපාලන අධිකාරිය රජයේ නිලධාරී මහත්ම මහත්මීන් සමඟ සබඳතාවයක් තිබුණේ නැහැ. ඔවුන් දේශපාලන අරමුණු කරා පමණයි රැගෙන ගියේ. දේශපාලන අරමුණු කරා යාමේදී ඒ ආයතන කඩා වැටිලා.
රාජ්‍ය සංවර්ධන හා නිර්මාණ නීතිගත සංස්ථාව පැවතුනේ හිටපු ඇමැති සහ වර්තමාන විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා යටතේයි. එතුමා නිවැරැදිව කාර්යය සිදු කළේ නැහැ. එතුමා හරියට කටයුතු කළානම් ජනාධිපතිවරයේදී විශාල ලෙස එතුමා කඩා වැටෙන්නේ නැහැ. කොහොමත් එතුමා පරදින බව අප දැන සිටියා. එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්නට එතුමන් නැවත අභියෝගයක් ගෙන තිබෙනවා. එය හීනෙකින්වත් කරන්නට පුළුවන් වෙයි කියා මට සිතන්නට බැහැ. නිවාස අමාත්‍යාංශය, නිවාස අධිකාරිය, ඉංජිනේරු සංස්ථාව ඇතුළු ආයතන ගණනාවක් අද සෝදා පාළුවට ලක් වෙලා. එයම එක්සත් ජාතික පක්ෂයටත් ඉදිරියේදී සිදුවනවා. එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීන් පිරිසක් එතුමා නායකත්වයට යෝජනා කරනවා. එක්සත් ජාතික පක්ෂය තව ටික දවසකින් රට තුළ දකින්නට වත් නොමැති වෙනවා.
රංජන් රාමනායකගේ චිත්‍රපටි රංගනය තුළින් අධිකරණය අපකිර්තියට පත්වි තිබෙනවා. අධිකරණ විනිසුරුවරුන් දැන්වත් එයට එරෙහිව පියවර ගත යුතුයි. අප විශ්වාස කරන එකම ස්ථානය, අධිකරණය රටේ සියලු දෙනා හිස නැමිය යුතුයි, ගරු කළ යුතුයි. අදවන විට අධිකරණ පද්ධතිය කඩා විනාශ කර තිබෙනවා. මේ වගේ පුද්ගලයෙක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මතුවීම ගැන අප ලැජ්ජ වෙනවා. එතුමා මොනාද කතා කරන්නේ. මහාධිකරණ විනිසුරියන්ට පත්වීම් දීම සම්බන්ධයෙන්, මරණ දඬුවම දීම සම්බන්ධයෙන්. හීරේ දාන්න ඕනේ අය නැති අය ගැන කතා කරනවා. පසුගිය වසර 4ක කාලය තුළ මෙය තමයි රටේ වුණේ.
අධිකරණයෙන් දුන් තීන්දුවක් සම්බන්ධයෙන් අපට කිසිවක් කියන්නට බැහැ. නමුත් අපට පශ්චාත්තාපයක් තිබෙනවා තනතුරු තානාන්තර පෙන්වමින් නිවැරැදිකරුවන්ද වැරැදි කරුවන් කළේ කියා. එයින් දුමින්ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාටත් ඒ අසාධාරණය සිදු වුණාදෝ කියා අපට එළියේදී කියන්නට බැහැ. මගේ පෞද්ගලිකව මතය මේ ගැන නැවත සොයා බැලිය යුතුයි” යනුවෙන් පැවැසීය.

-
Champa Thursday, 09 January 2020 01:25 AM
එජාපය කෙසේ වෙතත් මහින්දගේ පිරිස නම් දකින්න නැතිවෙයි ඊළඟ පාර්ලිමේන්තුවේ. ජනාධිපති එයාගේ මිනිස්සු 100ක් ඉදිරිපත් කරනවා කියල තියෙනවා මැතිවරණෙට. මැතිවරණ කොම්පැනිය ජනතාවගේ රහස් චන්දෙ ප්‍රතිඵල එකතු කරලා අවසාන චන්ද ප්‍රතිඵල නිකුත් කරන්න බාර දීල තියෙන්නේ හෙවත් කැමති විදිහට විකෘති කරලා චන්ද ප්‍රතිඵල නිකුත් කරන්න බාර දීල තියෙන්නේ පෞද්ගලික කොම්පැනියකට. ඒ හින්ද මහින්දගේ මන්ත්‍රීවරුන්ට ඊළඟ චන්දෙදි කෘත්‍රිමව මනාප අඩු කරයි. වෙන එකක් තියා මහින්දගේ මනාපත් අඩු වෙයි. ඒ හින්ද කවුරැ කවුරුත් ඒකට ලැස්ති වෙලා ඉන්න. යූ ටර්න් ජනාධිපති ඉස්සෙල්ලම ඉවත් කරන්නේ තමන්ට බලයට එන්න සහය දීපු මහින්දගේ මිනිස්සු. පාර්ලිමේන්තුවේ බලය තහවුරු කරගන්නේ එහෙම. ඒ වගේම ඊළඟ පාර්ලිමේන්තුවේ අගැමති මහින්ද නොවෙන්න සියලු කටයුතු පෙළ ගැහීගෙන එන බව තමයි මට නම් පේන්නේ. හොඳ වැඩේ ඕගොල්ලන්ට. මම කිව්වා යූටර්න් ජනාධිපති තද ආත්මාර්ථකාමී පුද්ගලයෙක් වගේම මිලිටරි මානසිකත්වයක් තියෙන කෙනෙක් නිසා රටේ ජනාධිපති කමට සුදුසු නැහැ කියල. යූ ටර්න් ජනාධිපතිට අපේක්ෂකත්වය දෙන්න පොළොවේ පසුත් කාපු ගම්මන්පිල විමල් වගේ අයගේ මම හිතන්නේ දැන් බෙල්ලට කඩුව තියල තියෙන්නේ.
Reply : 0 1
එම්.ඒ.ජේ Thursday, 09 January 2020 11:04 AM
යු ඇන්පිය විතරක් නෙවෙයි පොහොට්ටුවේ පක්ෂයත් තව ටික දවසකින් නැති වෙලා යයි වගේ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වඳ වුනා! ජේවිපිය අතුරුදහන් වුනා! අද වෙනකොට රට අරාජිකයි - දැන් තියෙන්නේ පාලු ගෙවල් වල වලං බිඳින ආකාරයේ ආණ්ඩුවක් - රටේ ජනතාවගේ ප්‍රශ්න කථා නොකරන, ඒවාට විසඳුම් නොදෙන දේශපාලනයක් - ඉදිරියේදි එන්නේ මහජනතාවගේ අතට නිතිය අරගෙන කැලැ නිතිය රජකරන තත්වයක්!!!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

