එජාප ජ්‍යෙෂ්ඨයොත් සජිත්වම ඉල්ලති
එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය එජාප නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදෙන ලෙසට එජාපයේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් ඊයේ (24දා) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා තිබේ.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එජාප ජ්‍යෙෂ්ඨයින් ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරිමට නම් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කළ යුතු බවත්, ජනාධිපතිවරණ සටන මෙහෙයවීමේ නායකත්වය එජාප නායකයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැරිය යුතු බවත් මෙහිදී පෙන්වා දී තිබේ.
මෙම රැස්වීමේ එජාප ජ්‍යෙෂ්ඨයින්ගෙන් ඇති බහුතරය ජනාධිපති අපේක්ෂකධුරය සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබාදිය යුතු බවට යෝජනා කර ඇති අතර ඊට අකමැත්ත ප්‍රකාශ කර ඇත්තේ අමාත්‍ය රවී කරුණනායක මහතා පමණි.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා හා එජාප ජ්‍යෙෂ්ඨයින් පිරිස ඇති පැවැති පැය කිහිපයක් දීර්ඝ සාකච්ඡාවේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් පක්ෂ නායකත්වය හා එජාපෙ ආණ්ඩුවකදී අග්‍රාමාත්‍ය ධුරය ලබාගත යුතු බවටද යෝජනා කර තිබේ.
එමෙන්ම එජාපය ප්රමුඛව නිර්මාණය කරන නව සන්ධානයේ මහ ලේකම් ධුරය රාජිත සේනාරත්න මතා වෙත ලබාදීමට යෝජනා කර තිබේ.
එහෙත් මේ පිළිබඳ අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවරයා සජිත් ප්‍රේමදාස මහතා වෙත ජනාධිපති අපේක්ෂක ධුරය ලබාදෙන්නේ නම් තමන්ගේ ස්ථාවරය පිළිබඳ කොන්දේසි කිහිපයක්ද සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශ්වය වෙත ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව අදාළ යෝජනාවලට අද දිනයේදී සජිත් ප්‍රේමදාස මහතාගෙන් ලිඛිත සහතිකයක් අවශ්‍ය බවද දන්වා ඇතැයි වාර්තා වෙයි.
ඒ යෝජනා අතර විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම, අග්‍රාමාත්‍ය ධුරයට රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීම, බලය බෙදීම පිළිබඳ එකඟතාවකට පැමිණීම ආදි කොන්දේසි කිහිපයක් පවතින බව දේශපාලන ආරංච් මාර්ග සඳහන් කරයි.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායකයන්ගෙන් තීරණය වී ඇත්තේ 106ක් වූ එජාපෙ මන්ත්‍රී කණ්ඩායමේ බහුතර ඡන්දයෙන් එජාපෙ ජනාධිපතිධුර අපේක්ෂකයා නම් කළ යුතු බවයි.
මේ වන විටත් එජාපේ පක්ෂ නායකයන් රැසක් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපති අපේක්ෂකධුරය ලබාදිය යුතු බවට යෝජනා කර තිබේ.
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා සිරිකොත මූලස්ථානයේදී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමට නියමිත අතර එහිදී එජාපෙ ජනාධිපති අපේක්ෂකයා නිල වශයෙන් නම් කිරීමට නියමිතය.
එමෙන්ම එජාපෙ අපේක්ෂකයා තේරීමේදී කිසියම් හෝ ආකාරයකින් ඡන්දයක් පැවැත්විය යුතු බවන්නේ නම් එජාපෙ මන්ත්‍රී කණ්ඩායම හා කෘත්‍යාධිකාරීය ඒකාබද්ධ වූ කණ්ඩායමක් කැඳවා ඡන්දය පවත්වා බහුතර කැමැත්ත ලබාගත යුතු බවද පක්ෂ නායකයෝ සඳහන් කරති.
කෙසේ වෙතත් මේ පිළිබඳව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රී වන විටත් අවසන් තීන්දුවක් ගෙන නොතිබුණි.

popular news
-
samson Wednesday, 25 September 2019 10:26 AM
මේ අය 2015 දී කොහෙවත් හිටපු කෙනෙක් ගෙනත් අපේක්ෂත්වය දුන්නා. මෙවර තමන්ගේම පක්ෂයේ කෙනෙක් තෝරාගන්න එකිනෙකා මරාගන්න හදනවා.
Reply : 1 6
appuwaa Wednesday, 25 September 2019 09:43 PM
ඔය කොච්චර නැටුවත් සජිත් දිනන්නේ නෑ.
Reply : 1 12
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

