එජාප ගැටලුව දින 10කින් අවසන්
එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් බවත් අපේක්ෂකත්වය සම්බන්ධයෙන් වන ගැටලුව තවත් දින 10ක් ඇතුළත විසදෙනු ඇති බවත් අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසීය.
මහනුවර පැවැති වැඩසටහනික් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
“කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වෙලා ඉක්මනින්ම අවසන් තීරණය ගන්නවා. එක්ස්ත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා තෝරා ගන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින්.
කලින්ම ඉල්ලනවා කියපු අයට යන්න තැනක් නෑ. අපි දිනන්න පුළුවන් කෙනෙක් ඉදිරිපත් කරනවා. සාමයෙන් රැස්වෙලා සාමකාමීව එකඟතාවයකට එනවා.
අනිත් අපේක්ෂකයා තෝරා ගත්තේ රාජපක්ෂ පවුල. අපේ අපේක්ෂකයා තෝරන්නේ පක්ෂයෙන්.
අපේ ප්රශ්නය තව සතියකින් දින 10කින් අවසන් වෙනවා.”

popular news
-
Bandula. Sunday, 15 September 2019 06:16 PM
අනේ පව් නේද දහසක් බලාපොරත්තු බිද වැටේවිද? යහපතක් ම වේවා, ඔයා ඔල්ලන්නේ නැද්ද?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

