එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අනිද්දා (06දා) පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම රැස්වීමේදී නව සන්ධානයේ මහලේකම්වරයා පත්කිරීම, සන්ධානයේ ඉදිරි ක්‍රියාමාර්ග ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
මේ අතර අනිද්දා (06දා) පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගි වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් හෙට (05දා) පෙරවරුවේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කණ්ඩායම් රැස්වීමේදී තීරණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා සඳහන් කළේය.