එජාප අපේක්ෂකයා නිසි වේලාවට - රවී
එක්සත් ජාතික පක්ෂය අභ්‍යන්තරයේ ගැටලුවක් නොමැති බවත් නිසි වේලාවට ජනපති අපේක්ෂකයා ඉදිරිපත් කරන බවත් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවැසීය.
ඊයේ (31දා) කොටහේන, දීපදුත්තමාරාම පුරාණ තායි රජ මහා විහාරයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂය මේ වනවිට අභ්‍යන්තරය තුළ තිබෙන සියලු දේ සම්බන්ධයෙන් වඩාත් එකමුතුව කටයුතු කරනවා. අපි තීන්දුවක් අරගෙන තියෙන්නේ, සැමදෙනාම එකතුවෙලා එළඹෙන මැතිවරණ ජයග්‍රහණය කරනවා කියලා. ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරන නිසා කව්රු මොනවා කිව්වත් අපේ පක්ෂ අභ්‍යන්තරයේ කිසිම ගැටළුවක් නැහැ.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එ.ජා.ප.යේ කිසිම ගැටළුවක් කැහැ. අපි යන්නේ ඉතාමත් ශීලාචාර දේශපාලන ගමනක්. ඒ නිසා නිසි වේලාවට අපේක්ෂකයාව හෙළි කරන්නම්. රටක මෙන්ම පක්ෂයකටත් විනයක් අවශ්‍යයි.
විනයක් නැති තැන කිසිම කර්තව්‍යයක් නිසි පරිදි සිදුවන්නේ නැහැ. ඒ නිසා තමයි රට තුළ පොලීසියක්, යුධ හමුදාවක් ඇති කර තිබෙන්නේ. පක්ෂයක් තුළ විනයක් නොමැතිවූ විට යම් පුද්ගලයින් තම පක්ෂය මෙන්ම පක්ෂයේ නායකයා පවා අමතක කර කටයුතු කරනවා. එවැනි විනය කඩවන අවස්ථා සම්බන්ධයෙන් අපි යම් තීන්දුවක් ගත යුතුයි"

popular news
-
Dayan Sunday, 01 September 2019 07:06 PM
බලහත්කාරයෙන් අපේක්ෂකම ගන්න හදන කණ්ඩායම බලය ගත්තොත් පොදු මහජනයාට කරන දේවල් හිතාගන්න අපි ඥානවන්ත වියයුත්තෙමු.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

