එජාප අනන්‍යතාව විනාශ කිරීමට චන්ද්‍රිකා කටයුතු කරනවා
එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය විනාශ කිරීමට හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හා ඇයගේ කණ්ඩායමක් කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.
කතරගම කිරිවෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේ අභියස පැවති ආලෝක පූජා පුණ්‍ය මහෝත්සවය අවසානයේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඔහු මේ බව පැවැසීය.
"එක්සත් ජාතික පක්ෂයේ සමගිතාවය නැති කරන්න පිටස්තර පක්ෂ වලින් ප්‍රශ්න ඇති වෙලා තිබෙනවා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය හිතන්නේ එතුමියට හැම පක්ෂයකටම ඇගිලි ගහන්න පුළුවන් කියලා. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ක්‍රියාත්මක වෙන්නේ, එතුමියට ඕන විදියට කියලා.
එක්සත් ජාතික පක්ෂයටත් ඇගිලි ගහලා, දෙතුන්දෙනෙක් පොළඹවගෙන, පක්ෂයේ සමගිතාවය. නැති කරන්න පුළුවන් කියලා එතුමිය හිතනවා. නමුත් චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියට එක්සත් ජාතික පක්ෂයකට කිසිසේත්ම ඇගිලි ගහන්න අපි දෙන්නේ නැහැ.
එතුමිය අද අත්තනගල්ල ආසනයේ සංවිධායකවරිය වුණාට, එතුමියට තම ආසනයවත් දිනාගත්ත බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ. තම ආසනය දිස්ත්‍රික්කය පවා දිනාගත්ත බැරිවුණ කෙනෙක් එක්ක එකතු වෙලා පක්ෂය ඉදිරියට ගෙනයන්න හදන එක මොන විහිළුවක්ද. එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාවය නැතිකරන්න චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය ප්රමුඛ එ.ජා.ප.ය තුළ ඇතිවී සිටින එතුමියගේ කල්ලියට අපි ඉඩ තියන්නේ නැහැ "

popular news
-
සිරිබිරිස් Monday, 15 July 2019 07:01 AM
දෙවැනි ජනාධිපතිවරණයෙන් පත්වූ ජනාධිපතිවරයා පළමුවරටත් 2003 දී හෝ 2004 දී චන්ද්‍රිකා ජනාධිපතිණිය ආණ්ඩුව විසුරුවා හැර දෙවැනි වරටද එක්සත් ජාතික පක්ෂය විනාශකල අතර සජිත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුනොත් එය පක්ෂයේ අවසානය වීමට හැකිබවද කිවහැකිය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

