එජාප - මුස්ලිම් කොංග්රස් ගිවිසුමකින් ජාතික ආණ්ඩුවක්
එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග ගිවිසුම් ගතවී යළිත් ජාතික ආණ්ඩුවක් සෑදීමේ තීරණයකට එළඹ තිබේ.
ශක්තිමත් ආණ්ඩුවක් බවත්වාගෙන යෑම සඳහා මෙම පියවර ගැනීමට එජාප නායකත්වය තීන්දු කර ඇති අතර මේ සම්බන්ධයෙන් වන යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරයාට අද (31දා) යොමුකර තිබේ.
නව ආණ්ඩුව යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධානය නමින් නම්කර තිබේ.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ එක් මන්ත්‍රී ධුරයක් පවතින අතර එම පක්ෂය සමග එක්සත් ජාතික පෙරමුණ ගිවිසුම් ගත වීම මගින්ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා වූ ව්යවස්ථානුකූලතාක්ෂණික කරුණු සපුරා ගැනීමට හැකිවනු ඇති බවට එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ නීති විශාරදයෝ පෙන්වා දී තිබේ.
මුස්ලිම් කොංග්‍රසය සමග එක්සත් ජාතික පක්ෂය ගිවිසුම් ගතවීමට නියමිතව ඇත්තේ අදාළ නීතිමය කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුවය.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමග සමග ගිවිසුම් ගතවූ පසුඑක්සත් ජාතික පක්ෂය ප්රමුඛ එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ හා යහපාලන ප්‍රතිපත්තිවලට එකඟ අනෙකුත් දේශපාලන පක්ෂ කිහිපයකත් එකමුතුවෙන් නව සමගි සන්ධාන ජාතික රජය පිහිටුවන බව පාර්ලිමේන්තු මහලේකම් වෙත යැවන ලද යෝජනාවේ සඳහන්ව ඇත.
මේ අතර, නව ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේ නම් ඒ සඳහා එක්වීමට ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු පිරිසකගේ ද එකඟතාව මේ වන විටත් එජාපයට ලැබී ඇති බවද වාර්තාවේ.
මේ පිළිබඳව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයෙකුගෙන් %අද^ කළ විමසීමකදී සඳහන් කළේ ආණ්ඩුව සමග එක්වීමට පක්ෂ කීපයක සැලකිව යුතු මන්ත්‍රීවරු පිරිසක් එකඟතාව පළකර ඇති බවත් අවශ්‍ය අවස්ථාවේදී ඔවුන් ආණ්ඩුව හා එක්වනු ඇති බවය.
එක්සත් ජාතික පක්ෂය නව අයුරකින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ගැනීම මගින් කැබිනට් අමාත්‍ය ධුර ඇතුළු අමාත්‍ය මණ්ඩලය වැඩි කර ගැනීමටද බලාපොරොත්තුවන අතර ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ ජය ගැනීමද ආණ්ඩුවේ ඉලක්කය වී තිබේ.

popular news
-
sumanasiri Friday, 01 February 2019 11:56 AM
මෙයාටල ඕන ඇමතිකම් විතරමයි . රටට මොනව වුණත් කමක් නැහැ
Reply : 1 68
Lal Friday, 01 February 2019 12:59 PM
මෙහි මූලික අරමුණ බාන වැඩිකරගන්න මිස රටට යහාපතක් කිරිමේ අරමුණින් නොවන බව ජනතාව අවබෝධකරගත යුතුයි.කාලකන්ණි පටු අරමුණුවල මහාත..
Reply : 1 63
Champa Friday, 01 February 2019 08:44 PM
එහෙම කරන්න බැහැනේ යූඑන්පී එකේම 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අනුව. කාටවත් බහුතරය නැතිකොට යූඑන්පී එකට ජාතික ආණ්ඩුවක් පිහිටුවන්න පුළුවන් ඊළඟට වැඩියම ආසන තියෙන පක්ෂේ එක්ක විතරයි. මෛත්‍රී ජනාධිපතිකමෙන් අයින් නොවුණු නිසා යූඑන්පී එක හිතුවේ දිගටම මෛත්‍රී එක්ක සන්ධානයක් හදාගෙන පාර්ලිමේන්තු බලය සහ අගම්තිකම තමන් අතේ තියං ගන්න. ඒකයි ජාතික ආණ්ඩු සංකල්පය ගෙනාවේ. දැන් තමන් අටවපු උගුලේ තමන්ම පැටලිලා.
Reply : 0 0
hemantha dharmapriya Saturday, 02 February 2019 02:31 PM
මේ දේශපාලුවෝ රළට ඔනී උන්ගේ ගොඩ වෙඩි කරගෙන රටට හෙන ගහලා ගියත් බලයේ ඉන්න රට ලෝකයේ නය ධර්ශකයේ පහලම ඉන්නේ මුන් වජෙබෙනවා කාලකන්නි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

