එජා යෝජනාවේ සම අනුග්රාහයෙන් ඉවත් විය යුතුයි
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ යෝජනාවට සම අනුග්‍රහය දැක්වීම වැරැද්දක් බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඊයේ (23දා) පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
ලබන මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව සම්බන්දයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත්වීමට නියමිත චෝදනාවලින් ගැලවීමට නම් උපක්‍රමශීලී රාජතාන්ත්‍රික මෙහෙයුමක් අවශ්‍ය බවත් ඔහු සඳහන් කර තිබේ.
“ලංකා රජය කරපු වරදක් තමයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ අපට එරෙහිව තිබූ යෝජනාවට සම අනුග්‍රාහකයෙක් වීම. ඒ සම අනුග්‍රාහකත්වයෙන් අයින් වෙලා, අපේ රාජතාන්ත්‍රික සේවාවන් නොපමාව කාර්යක්ෂමව සහ ඵලදායි ලෙස යොදාගනිමින් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න කාලය ඇවිල්ලා.
අපි අපේ රටේ සැබෑ තත්වය ලෝකයට පැහැදිලි කරලා දෙන රාජතාන්ති‍්‍රක මෙහෙයුමක් ආරම්භ කරන්න ඕනේ. ඒ හරහා මාර්තු මාසයේ දී එන මේ යෝජනාව සම්පූර්ණයෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් කර ගන්න අධිෂ්ඨානශීලීව කටයුතූ කරන්න අවශ්‍යයි.”

popular news
-
Champa Wednesday, 24 October 2018 09:02 PM
මෙන්න මෙයා මැරිලා ඉපදිලා. එක්සත් ජාතීන්ට යෝජනාව ඉදිරිපත් කලේ ශ්‍රී ලංකාව. ඒකට සම අනුග්‍රහය දැක්වුවේ ඇමරිකාව. පස්සේ ඇමරිකන්කාරයෝ අයින් වුන. දැන් ලංකාවට එරෙහිව ලංකාව. හිතන්න එපා මේවා අපිට අමතක වෙයි කියලා. එන්නකෝ චන්දෙට.
Reply : 0 3
Champa Wednesday, 24 October 2018 09:13 PM
මේක ලියන්න වෙන තැනක් නැති නිසා මෙතනට ලියනවා. අර වතු කම්කරුවෝ කියලා කොළොඹ උද්ඝෝෂණයට ඇවිල්ල තියෙන්නේ වතු කම්කරුවෝ නෙමෙයි. ඩියස්පෝරාවේ සහ දකුණු ඉන්දියන් කාරයෝ. මේ විදිහෙම එකක් තිබුන උතුරේ අවුරුද්දකට වගේ ඉස්සෙල්ල. එකටත් ඇවිත් හිටියේ ඩියස්පෝරාවෙන්. මේ මිනිස්සු check කරන්නේ නැත්ද? කීදෙනෙක් යන්නේ නැතුව නැවතුනාද කියලා බැලුවද? එන පොට හොඳ නැත. නන්නාඳුනන මිනිස්සු රට පුරාම. කී දෙනෙක් නම් ගම් වෙනස් කරන ඉන්නවද දන්නේ නැහැ. ලෝකේ කිසිම රටක මේ විදිහට එන්න බැහැ. අඩු ගානේ ඉන්දියවෙවත් බැහැ.
Reply : 0 2
කෝලත Wednesday, 24 October 2018 09:57 PM
නොදකිං හීනෙන් නැගිලද...මෙවිවරකල් හිටියෙ අපායෙද සිල් බිදගෙන
Reply : 0 3
බි.ඩි.එස්.විජේවර්ධන Thursday, 25 October 2018 03:43 AM
අපේ ජනාධිපති උත්තමයා ටත් ,පාටලී ලොක්කා ටත් දැන් ද තෙරුම් ගියේ .......ඇති ඔයින් ගියා .......
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

