එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් ධුරය ලැබුණ දින සිට බොහෝ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේය.
මහලේකම්වරුන් හා සභාපතිවරුන් ජනාධිපති අපේක්ෂකයන් වුවද, තමන් 2030 වසරේදී හෝ ජනාධිපති අපේක්ෂකයෙකු නොවන බවද හෙතෙම පවසා සිටියේය.
අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස තමන් රටට විශාල වැඩකොටසක් කර තිබෙන බවද ඔහු කියා සිටියේය.