එංගලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ ලක්ෂයක් ලෙස ජූලි 19 වැනිදා වනවිට හැකියාවක් ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන නමුත්, ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදන ඉහළ යාම ගැන දැඩි අවධානයකින් පසුවිය යුතු බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් පැවසීය.
"අපි පරිස්සම් විය යුතුයි. ඒ වගේම අපි මේ සමස්ත වසංගත කාලයේම දත්ත විශ්ලේෂණය කළ යුතුයි. අපට දැනට දැකිය හැකි සියලුම ප්රභේදයන්ට එරෙහිව එන්නතෙහි කාර්යක්ෂමතාව තවමත් පවතින බව ඔප්පු වී තිබෙනවා. ඒ අනුව අප සිටින තැන දෙස බලන විට ජූලි 19දා සිමා ඉවත් කිරීමේ ලක්ෂය ලෙස මම විශ්වාස කරනවා." දකුණු එංගලන්තයේ හර්ට්ෆර්ඩ්ෂයර් හි රසායනාගාරයකට ගිය අවස්ථාවේදී ජොන්සන් මෙසේ පැවසීය.
ආසන්න සතිය දෙක තුළ ඉන්දියාවෙන් මුලින්ම හමුවූ ඩෙල්ටා ප්‍රභේදය බ්‍රිතාන්‍ය තුළ යම් ඉස්මතු වීමක් හා ඒ හරහා ආසාදන වැඩිවීමක් දක්නට ලැබුණි. මේ තත්ත්වය තුළ එංගලන්තයේ කොවිඩ්-19 සීමා කඩිනමින් ඉවත් කිරීමට බ්‍රිතාන්‍ය රජය පසුබට වූ අතර, එන්නත්කරණය වේගවත් කරනු ලැබීය.