එංගලන්ත කණ්ඩායම මාර්තුවේදී ශ්‍රී ලංකාවට
- 25 10 2019
- 18:06
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ටෙස්ට් තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියකට එක්වීම සඳහා එංගලන්ත කණ්ඩායම 2020 මාර්තු 03 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ මෙම ටෙසට් තරග දෙක පැවැත්වෙයි.
පළමු තරගය මාර්තු 19 දා සිට 23 දා දක්වා ගාල්ල පිටියේදීත්, දෙවැනි තරගය මාර්තු 27 දා සිට 31 දා දක්වා කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදීත් පැවැත්වීමට නියමිතව තිබේ.
ටෙස්ට් තරග දෙක ආරම්භවීමට ප්‍රථම එංගලන්ත කණ්ඩායම මාර්තු 7 දා තුන්දින පුහුණු තරගයටත් මාර්තු 12 දා සිවුදින පුහුණු තරගයකටත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම හා තර වැදීමට නියමිතය.
මෙම තරග දෙක පිළිවෙළින් කටුනායක හා පී. සරා ඕවල් පිටියේදීත් පැවැත්වීමට නියමිතය.
තරගාවලිය නිම කිරීමෙන් අනතුරුව අප්‍රේල් 01 දා ඔවුන් දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතව තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
