එක්ස්ටසි මත්පෙති තොගයක් අත්අඩංගුවට
රුපියල් එක් කෝටි පනස් ලක්ෂයක් වටිනා එක්ස්ටසි නැමැති මත් පෙති තොගයක් , කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එම මත්පෙති රැගෙන යාමට පැමිණි තරුණයෙකුද රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සුනිල් ජයරත්න මහතා පැවසීය.
කොළඹ 14 , ලෙයාර්ඩ් බ්‍රෝඩ්වේ හි පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට පෘතුගාලයේ සිට එවා තිබූ සෙල්ලම් බඩු පෙට්ටියක මෙම මත්පෙති තොගය තිබුණේය.
රේගු නිලධාරීන්ට මෙම පාර්සලය පිළිබඳව සැක සිතී, එය විවෘත කර පරීක්ෂා කර බලද්දී, එම සෙල්ලම් බඩු බහා තිබූ පෙට්ටියෙහි ඇතුළු පැත්තේ මෙම මත් පෙති තොගය සඟවා තිබුණි.
මෙතැම්පටමයින් යන විද්‍යාත්මක නාමයෙන් හදුන්වන මෙම මත් පෙත්තක් රුපියල් 5,000 ක් වැනි මිළකට නාගරික සමාජ ශාලා තුළ එහි පැමිණෙන තරුණයන්ට අලෙවි කරන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් අනාවරණය කර ගෙන තිබේ.
මෙම පෙට්ටිය තුළ එක්ස්ටසි මත්ද්‍රව්‍ය පෙති 3,050 ක් සඟවා තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

