එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය අනතුරේ
ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය, ජීඑස්පී ප්ලස් සහනය හා පොදුරාජ්‍ය මණ්ඩලයීය හා ඇති සම්බන්ධතාවයන්ට ගැටලු ඇතිවෙමින් තිබෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
අරලිය ගහ මන්දිරයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.
එසේම ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට තව දින 29කින් ජනපතිවරණයක් කැඳවිය හැකි බවත් ඒ අනුව ජනපතිවරණයක් පවත්වන ලෙසත් ඔහු සඳහන් කළේය. ඉන් අනතුරුව පවත්වන ජනපතිවරයාට තුනෙන් දෙකක බලයක් සහිතව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සහාය ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.
එසේම පාර්ලිමේන්තුවේ තම පක්ෂයට 113ක් ඇති බවත් එය 12 වැනිදා පාර්ලිමේන්තුවේදී පෙන්වීමට සූදානම් බවත් ඔහු ප්‍රකාශ කළේය.

popular news
-
rocky Monday, 10 December 2018 03:39 PM
වහාම ජනාධිපතිවරණයකට යාම සුදුසුයි. මුළු රටම විනාශ කරන්න්න කලින් ඔහුගෙන් අපි නිදහස් විය යුතුයි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
