එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු කිසිම කෙනෙක් මහ බැංකු සිද්ධියට වරදකරුවන් නොවේ - වජිර
එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා ඇතුළු කිසිම කෙනෙක් මහ බැංකු සිද්ධියේදී වරදක් කර නොමැති බවත් මේ සම්බන්ධ කොමිෂන් සභා වාර්තාව ජනාධිපතිතුමා එළියට නොදමන්නේ ඒ නිසා බවත් හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.
වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියේ ඊයේ බද්දේගම නගර ශාලවේ දී පැවැති එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමිනි.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වු අබේවර්ධන මහතා
“දැන් කරන්න දෙයක් නැති තැන රනිල් වික්‍රමසිංහ හොරෙක් කියනවා. මහ බැංකුව මහ දවල් කොල්ල කෑවා කියනවා. ජනාධිපතිතුමා මේවා කියන විට මහජනතාව හිතනවා ඇත්ත කියලා. මහ බැංකුව එහෙම කොල්ලකන්න බැහැ. මේක ගමේ නගරයේ තියෙන බැංකුවක් වගේ නෙවෙයි. මේ කොල්ලකෑවා කියන සමාගමට අවසර දීලා තියෙන්නේ 2012දී මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමතිවරයා හැටියට. මේ සමාගමට බලය දුන්නේ මහින්ද මහත්තයා. කවුරුවත් මේවා කියන්නේ නැහැ. මහ බැංකුවේ සිද්ධිය සම්බන්ධයෙන් 2015 ජනවාරි 08 වැනිදායින් පස්සෙත් නීති තිබුණේ නැහැ. නීති නැති නිසා තමයි මේ අනවශ්‍ය ලාභයක් ලබාගෙන තියෙන්නේ.
ගාල්ල - සිරංගිකා ලොකුකරවිට

popular news
-
ajith Sunday, 09 December 2018 06:39 PM
වජිර mahaththaya, මහජනතාව ඊයේ ඉපදුනේ නැහැ. බැංකු සිද්දිය නම් නිදොස්කෙරීමෙන් පලක් නැහැ ඉතිහාසගතවෙලා iwarai. මිනිස්සු අතරේ බොහොම ගරුත්වයක් රනිල්ට තිබ්බේ දුෂිත චරිතයක් නොවන නිසා. 2015වෙන් පසුව ඒ අයගේ ඇතුලාන්තය, ජාතික ප්‍රතිපත්ති විනිවිද දැක්ක . අපිත් ඒ ජා පක්ෂයේ අය. නමුත් අපේ රට ජාතිය වෙනුවෙන් පක්ෂය ප්‍රමුක naha. කරුණාකර මහජන මතිවරනයකට අපිට idadenda. thanks.
Reply : 0 1
sg Sunday, 09 December 2018 10:47 PM
තොත්ත බබාලා...
Reply : 0 1
මුනසිංහ Monday, 10 December 2018 06:53 AM
ඇවන්ගාඩ් වලට මොකද වුනේ?
Reply : 0 1
Deepal Nirosh Monday, 10 December 2018 08:31 AM
එහෙනම් වරදකරු අර්ජුන මහේන්ද්‍රන් අධිපති තනතුරට පත්කරපු ජනාධිපතිතුමා වෙන්නැති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
