එක්සත් රාජධානිය සහ ප්‍රංශය යන රටවල් ද්විත්වයම ගෙවීගිය දිනයේ නව කොරෝනා වෛරස ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා විය.
මෙය සිදුවන්නේ යුරෝපය පුරා විශ්ව විද්‍යාලවල වෛරසය පැතිර යාමක් මධ්‍යයේය. ස්කොට්ලන්තයේ සියලු සිසුන්ට උත්සව නොපැවැත්විය යුතු සහ ඔවුන්ගේ නිවෙස්වලින් පිටත සමාජගත නොවිය යුතු ලෙස සීමා පනවා තිබේ.
ප්‍රංශ සෞඛ්‍ය බලධාරීන් ගෙවීගිය දිනයේ නව කොවිඩ්-19 ආසාදිතයන් 16,096ක් වාර්තා කර තිබේ. ප්‍රංශයේ කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 31,675ක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
එක්සත් රාජධානිය විසින් නව ආසාදිතයන් 6,634ක් වාර්තා කර ඇති අතර, එහි සම්පූර්ණ තහවුරු වූ ආසාදිතයන් සංඛ්‍යාව 4125,765ක් දක්වා ඉහළ ගොස් තිබේ.
"මෙය වාර්තා වී ඇති ඉහළම සංඛ්‍යාව සහ අප සැමට තදබල අනතුරු ඇඟවීමක්. ලැබෙන සංඥාව පැහැදිලියි. සෑම වයස් කාණ්ඩයකම ධනාත්මක අනුපාත ඉහළ යමින් පවතින අතර රෝහල්වලට ඇතුළත් වීමේ අනුපාතය සහ ප්‍රතිකාර ලබා ගැනීම අඛණ්ඩව ඉහළ යන බව අපි දකිනවා" යනුවෙන් එංගලන්ත මහජන සෞඛ්‍යය ආයාතනයේ වෛද්‍ය අධ්යක්ෂ ඉවෝන් ඩොයිල් පවසයි.