බ්‍රිතාන්‍ය තුළ කොවිඩ්-19 වෛරසයේ ආසාදන සහිත දෙවැනි රැල්ලක රටක් දැකීම නොවැළැක්විය හැකි බවත් දෙවැනි ජාතික අගුලු දැමීම තමාට අවශ්‍ය නොවූවත් රජයට නව සීමාවන් හඳුන්වා දීමට සිදුවන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් අවධාරණය කරයි.
මේ අතර එක්සත් රාජධානිය රට පුරා නව අගුලු දැමීමක් සිදු කරන්නේද යන්න පිළිබඳව සලකා බලමින් සිටින බව වාර්තා වන්නේ යැයි විදෙස් වාර්තා පවසයි.
නව කොවිඩ්-19 ආසාදිතයන් දෛනිකව 6,000 දක්වා දෙගුණයකින් වැඩි වූ පසු රෝහල් ගතවීම් ඉහළ ගොස් ආසාදන අනුපාතය උතුරු එංගලන්තයේ සහ ලන්ඩනයේ සමහර ප්‍රදේශවල ඉහළ ගොස් ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කර තිබේ.