ලොව වැඩිම කොවිඩ්-19 ආසාදිතයන් පිරිසක් වාර්තා වන රාජ්‍ය ලෙස එක්සත් ජනපදයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 7 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලය විසින් සම්පාදනය කරන ලද දත්තවලට අනුව එක්සත් ජනපදයේ අවම වශයෙන් 7,030,887ක නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර, අවම වශයෙන් පුද්ගලයන් 203,615ක් අද (26දා) වනවිට මියගොස් තිබේ.
එක්සත් ජනපදයෙන් කොවිඩ්-19 වෛරසය ආසාදිතයෙකු පිළිබඳ පළමු වැනි සිද්ධිය ජනවාරි 21දා ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය විසින් වාර්තා කරන ලදී.
ඉන් දින 98කට පසු, අපේ‍්‍රල් 28 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියනයකට ගොදුරු විය.
දින 44කට පසු, ජුනි 11 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 2ක් වාර්තා කළේය.
දින 27කට පසු, ජූලි 8 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 3ක් වාර්තා කළේය.
දින 15කට පසු, ජූලි 23 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 4ක් වාර්තා කළේය.
දින 17කට පසු, අගෝස්තු 9 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 5ක් වාර්තා කළේය.
දින 22කට පසු, අගෝස්තු 31 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 6ක් වාර්තා කළේය.
දින 25කට පසු, සැප්තැම්බර් 25 වැනි දින එක්සත් ජනපදය ආසාදිතයන් මිලියන 7ක් වාර්තා කළේය.
සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට වඩා වාර්තා වී ඇත්තේ ලෝකයේ තවත් රටවල් තුනකින් පමණි. ඒ ඉන්දියාව, බ්‍රසීලය සහ රුසියාවයි.