එක්සත් ජාතීන්ගේ 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින්, බහුපාර්ශ්විකවාදය විකල්පයක් නොව අවශ්‍යතාවයක් බව අවධාරණය කර තිබේ.
විශේෂයෙන්ම නව කොරෝනා වෛරස වසංගතය ජාත්‍යන්තර සහයෝගීතාවයේ අස්ථාවරත්වය පිළිබිඹු කරන අවස්ථාවක් බව මෙහිදී අවධාරණය කර ඇත.
සංවත්සරය ඊයේ (21දා) ආරම්භ වූයේ වාර්ෂික එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ය. සාමාන්‍යයෙන් රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක නායකයින් සහ නියෝජිතයින් විශාල වශයෙන් රැස්වී ලෝකයේ ගැටලු විසඳා ගැනීමට සහ නොයෙකුත් විසඳුම් ඉදිරිපත් කිරීම මෙහිදී සාමාන්‍යයෙන් සිදුවෙයි.
නමුත් මෙවර කොවිඩ්-19 වසංගතය විසින් එහි කටයුතු සීමා කිරීම නිසා, එක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 193 දෙනාගෙන් එක් නියෝජිතයෙකුට පමණක් ඊට සහභාගී වීමට අවසර ලැබී ඇති අතර, දැනටමත් එක්සත් ජනපදයේ සිටින අයෙකුට එම අවස්ථාව හිමිවෙයි.
අනෙක් සියල්ලන්ටම අවම වශයෙන් රාජ්‍ය නායකයන් 160ක් ඇතුළුව වීඩියෝ සම්මන්ත්‍රණයකින් මෙවර සැසිවාරයට සහභාගී වෙයි.