එක පවුලක් රජ කිරීමට යන ගමනක්
ඒකාධිපතිවාදය පතුරුවන පවුලක් බලයට ගෙනඒමට අහිංසක මිනිසුන් කොළඹට ගෙනවිත් බලයක් පෙන්වීමට උත්සාහ කරන බවත් උද්ඝෝෂණවලට එන මිනිස්සුන් එක පවුලක් රජ කිරීමට යන ගමනක් බව දැනගත යුතු බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.
ත්‍රිකුණාමලය සේරුවාවිල මංගල රජමහා විහාරයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් ඇය මේ බව පවසා සිටියාය.
ප්රශ්නය - ඇමතිතුමියනි දැන් බන්ධනාගාර තුළ උද්ෂෝෂණය කරනවා. ඒ වගේම තමයි මේ මාසේ 05 වැනිදා ජන බලය කොළඹට කියලා පා ගමනක් සංවිධානය කර තියෙනවා. ඒ පිළිබඳ අදහස මොකක් ද?
පිළිතුර- හැම කෙනෙකුටම නිදහසේ අයිතිය ලබාදීලා තියෙනවා. සාමාන්‍යයෙන් මීට ඉස්සෙල්ලා නම් බන්ධනාගාරයේ වුණු දේවල් 2012 නොවැම්බර් 11 වැනිදා බන්ධනාගාරය තුළට ගිහිල්ලා වෙඩි තියලා මිනිස්සු 27දෙනෙක් මරපු එක මතක ඇතිනේ. එහෙම තැනකට අපි යන්නේ නැහැ. අපි ඕන කෙනෙකුට උද්ඝෝෂණය කරන්න අයිතිය දෙනවා.
ඒ වගේම ආපහු බොහොම අමාරුවෙන් බලයට එන්න දඟලන පවුලක් ඒකාධිපතිවාදය පතුරුවන රාජපක්ෂලා බලයට ගේන්න අහිංසක මිනිස්සු කොළඹට ගෙනල්ලා ලොකු බලයක් පෙන්වන්න උත්සාහ කරනවා. ඉතිං එන මිනිස්සු දැන ගන්න ඕන මේ කඩේ යන්නේ එක පවුලක් රජකරවන්න විතරයි කියලා.
ඉතිහාසයේ වුණෙත් ඒදේ. ඒ පක්ෂයේ කිසි කෙනෙකුට තැනක් තිබුණේ නැති නිසා තමයි ඒ පක්ෂය කැඩුණේ. ඉතිං කැමති නම් ඒවාට සහභාගි වෙලා කැමති විදිහට උද්ඝෝෂණය කරන්න ආණ්ඩුවක් හැටියට අපි නිදහස දෙනවා.

popular news
-
Champa Monday, 03 September 2018 11:43 PM
අනේ මේ ඔයාගේ වැඩක් බලා ගන්න. රට පුරා කාන්තාවන්ට දරුවන්ට අතවර වෙනවා. පොඩි දරුවෝ කෘර වද හිංසා වලට ලක් කරනවා. කාන්තාවන්ට පාරක තොටක බැහැල යන්න නැහැ බස් එකක යන්න නැහැ අසහනකාරී පිරිමින්ගේ කරදවලට ලක් වෙනවා. කිසි දවසක අහල නැහැ ඒවා ගැන කතා කරනවා. රටටම නායකත්වය දුන්නේ එක නායකයෙක්. එදාටත් එහෙමයි අදටත් එහෙමයි. මහින්දගෙන් කොල්ල කාපු රට ආපහු මහින්දටම අරගෙන දෙනවා කියලා මිනිස්සු පොරොන්දු වුනේ 2015 ජනවාරි මහින්ද පැරදුනු ගමන්මයි. ඒක නතර කරන්න මෝඩ ආණ්ඩුවට බැහැ. ඕගොල්ලෝ හිතුව එකපාරෙන්ම මහින්දව ගෙදර යවන්න නේද? ඒවා කොහෙද කියලා පෙන්වන්න තමයි මිනිස්සු ලක්ෂ ගානින් 5ස් වෙනිදා කොළොඹට එන්නේ.
Reply : 10 2
ravi Tuesday, 04 September 2018 12:30 PM
මොනවද මේ ලියන්නේ ... මෙවැනි දේවල් අපේ රට තියන තාක් කල් අපේ ඉතිහාසයේ ඉඳන් පෙවතීගෙන එන දේවල් ... " අතුකෝරල මහත්මිය " මේ ඇමති දුරය බරගත්ත්යි කියා මේවා පැය 24ක් තුල නතර කරන්න පුලුව දේවල් නොවෙයි ...
Reply : 2 0
Champa Tuesday, 04 September 2018 06:18 PM
මොකොද බැරි? කාන්තාවක් අධිකරණ ඇමති වෙලත් කාන්තාවන් සහ ළමුන්ගේ යහපත සඳහා රටේ නීති හරි ගස්සන්න බැරි නම් පිරිමි ඇමතිවරු කරයිද? ලංකාවේ පලවෙනි වතාවට අධිකරණ ඇමති කාන්තාවක්. ළමා හා කාන්තා කටයුතු ඇමති කාන්තාවක්. ළමා කටයුතු රාජ්‍ය ඇමති කාන්තාවක්. තුන් දෙනෙක් ඉඳලත් කාන්තා සහ ළමා අපරාධකාරයන්ට තියෙන ලිහිල් දඬුවම් ඉවත් කරලා කාන්තාවන් සහ දරුවන් ආරක්ෂා කරන්න අලුත් නීති ගෙන්න බැරි නම් මොකක්ද ඇති වැඩේ? මහා ලොකුවට යුඑන්පී ආණ්ඩුව කියනව 25% කාන්තාවන් දේශපාලනයට එන්න ඕනෙලු. හැබැයි එහෙම එන්නේ මේ වගේ කාන්තාවන් නම් මිනිස්සු ඒ ගොල්ලන්ට චන්දෙ නොදුන්නට කමක් නැහැ.
8 0
rocky Tuesday, 04 September 2018 07:45 PM
මේකේ කොමෙන්ට් ගහන මිනිස්සු අතරේ පිස්සොත් ඉන්නවනේ! "මහින්දගෙන් කොල්ල කාපු රට"? නෙමෙයි, මේක මහින්දලා කොල්ල කාපු රට! "ආපහු මහින්දට ලබා දෙන්න?" හිටගන ද?
Reply : 1 7
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
