උසස් පෙළට ටැබ් දෙන්න නියමු ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය
උසස්පෙළ සිසුන්ට හා ගුරුවරුන්ට ටැබ් පරිගණක ලබාදීම වෙනුවෙන් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. අද රැස්වූ කැබිනට් මණ්ඩල හමුවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය ලැබී ඇත.
ඒ් අනුව 1AB (උසස්පෙළ විද්‍යා, ගණිත, කලා හා වාණිජ ඇති පාසල්) පාසල්වල මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරිමට නියමිතය.

popular news
-
Champa Tuesday, 12 February 2019 03:55 PM
බටහිර රටකවත් උසස් පෙළ (high school) ඉවර වෙනකම් දරුවන්ට ඉස්කෝලෙට tab ගේනන දෙන්නේ නැහැ. පන්ති ඇතුලේ පාවිච්චි කරන්නත් බැහැ. විශ්ව විද්‍යාල වලට යනකොට විතරයි ගෙනියන්න පුළුවන්. දැන් ලංකාවේ පොඩි පන්ති වලටත් tab දීල. දරුවන්ගේ නිර්මාණාත්මක හැකියාවන්, සහජ කුසලතාවයන්, ඔක්කොම මොට්ට කරලා, කිසි දෙයක් තනියම හිතල කරන්න බැරි, කිසි ප්‍රයෝගික දැනීමක් නැති, රටක් ජාතියක් ගැන කිසි හැඟීමක් නැති, මොට්ට UNP ඇමති වරු වගේ පරපුරක් තමයි අනාගතේ හදන්න හදන්නේ. මේවා කරන්නේ දරුවන්ට ආදරේට නෙමෙයි, මේ ව්‍යාපෘතිය හරහා හොඳටමුදල් උපයන්න පුළුවන් හින්ද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

