අපේ රටේ දරුවන් පිටරටවල අධ්‍යාපනයට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්යාතාවයක් අසර්බය්ජානයේ සිදුවු මරණවලින් හෙළිවෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ , උසස් අධ්‍යාපන , තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මියගිය ශ්‍රී ලාංකික සිසුවියන් දෙනෙකුගේ පිළියන්දල බොකුන්දර නිවසට ගිය අවස්ථාවේදි අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“මෙම සිසුවියන් දෙදෙනාගේ මෘත දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම සඳහා එරට රජය හෝ විශ්වවිද්‍යාලය කිසිදු වියදමක් නොදරන අතර විදේශ කටයුතු අමාත්‍යංශය හා එක්ව රජයේ වියදමින් ඉදිරි දින කිහිපයේදී මෘත දේහ ලංකාවට ගෙන්වීමට පියවර ගන්නවා.
අපේ රටේ දරුවන් පිටරටවලට යැවීමේදී නියාමනය කිරීමේ අවශ්යාතාවයක් මේ මරණවලින් හෙළිවෙනවා එ නිසා ඒ සඳහා රජයේ අවධානය යොමු කරලා, මේ ආයතන නියාමනය කරලා යම් ක්‍රමවේදයකට මැදිහත් වෙන්න ක්‍රියාකරන අතර රජයක් වශයෙන් අප බලාපොරොත්තු වන්නේ අ.පො.ස. උසස් පෙළ සමත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් නොලබන සියලු දරුවන්ට මේ රට ඇතුළෙම උසස් අධ්‍යාපනය ලබාදීමට සඳහා අවශ්‍ය ඉඩ ප්රස්ථා ලබා දෙමින් ඊට දීර්ඝකාලීන පිළිතුරු සෙවිමටයි”.
