ජැමෙයිකාවේ කෙටිදුර ධාවන ශූර උසෙන් බෝල්ට් කොවිඩ්-19 පරීක්ෂාවක් සිදුකිරීමෙන් පසුව ස්වයං හුදකලාවකට යොමුව ඇති බව වාර්තා වෙයි.
මුඛ ආවරණ හෝ සමාජ දුරස්ථභාවය ආරක්ෂා නොකර අමුත්තන් පිරිවරාගෙන ජැමෙයිකාවේදී සිය 34 වැනි උපන්දින සාදය පවත්වා දින කිහිපයකට පසුව මෙසේ ඔහු කොවිඩ්-19 පරීක්ෂාවකින් පසුව ස්වයං හුදකලා වූ බව උසෙන් බෝල්ට් විසින්ම තහවුරු කර තිබේ.
ලොව බිහිවූ විශිෂ්ඨතම කෙටිදුර ධාවන ශූරයාට කොවිඩ්-19 වැලඳී ඇති බවට ජැමෙයිකාවේ නේෂන් වයිඩ් 90 එෆ්එම් ගුවන් විදුලි සේවය වාර්තා කිරීමෙන් පසු සිය ට්විටර් ගිණුමේ වීඩියෝවක් පළ කරමින් බෝල්ට් මෙම අදහස් පළ කළේය.
එහිදී තමන් සෙනසුරාදා කොවිඩ් -19 පරීක්ෂණයෙන් පසුව ඔහු ජැමෙයිකාවේ පිහිටි නිවසේ හුදෙකලා වී සිටින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් උසේන් බෝල්ට් තමාට කොවිඩ්-19 ඇති බව තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් එහිදී සිදු නොකරයි. නමුත් ඔහු පවසන්නේ ඔහුට කිසිදු රෝග ලක්ෂණයක් නොමැති බවය.
"ඇඳේ වැතිරී සිටිමින් ඔහු පවසා සිටියේ, "සුබ උදෑසනක්, හැමෝම අවදි වෙන්න. සෑම කෙනෙකුම වගේ මමත් සමාජ මාධ්‍ය පරීක්ෂා කළා. සමාජ මාධ්‍ය කියන්නේ මට කොරෝනා වෛරසය ආසාදනය වෙලා කියලයි. මට මගේ රැකියාවට යා යුතුව ඇති නිසා මම සෙනසුරාදා පරීක්ෂණයක් කළා."
"මම වගකීමෙන් කටයුතු කිරීමට උත්සාහ කරනවා. එබැවින් මම සහ මගේ මිතුරන් වෙනුවෙන් හුදකලාව සිටිනවා. කොහොම වුණත්, මට කිසිදු රෝග ලක්ෂණයක් නැහැ."
"මම හුදකලාවක සිටිමින්, ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග මොනවාදැයි බලාපාරොත්තුවෙන් සිටිනවා. එතෙක් මම ස්වයං හුදකලාවක බොහොම පහසුවෙන් සිටිනවා." බෝල්ට් වැඩිදුරටත් කියා සිටියේය.