උපාධියට වහෙසෙන රන්ජන් දෙස මානුෂිකව බලන්න
අගුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ සුවදුක් විමසීමට විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා ඊයේ එහි ගියේය.
රංජන් රාමනායක මහතා මේ වනවිට උසස් අධ්‍යාපනය හදාරා උපාධියක් ලබා ගැනීමේ අරමුණින් කටයුතු කරන බැවින් ඒ සඳහා වටපිටාව සකස් කර දෙන්නැයි බන්ධනාගාරයෙන් පිටතට පැමිණි විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
සානුකම්පිතව බලා රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස තමා කිහිප වතාවක්ම ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් ඊට යහපත් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි විශ්වාස කරන බවත් ඒ මහතා කීය.
රන්ජන් රාමනායක මහතාගේ සෞඛ්‍ය තත්ත්වය දෙස බලා හෝ ඔහුට නිදහස ලබාදීමට මැදිහත් වන්නැයි තමන් අධිකරණ ඇමැතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව ද මෙහිදී විපක්ෂ නායකවරයා කියා සිටියේය.
popular news
-
dsgdgdgd Thursday, 28 October 2021 05:58 AM
It is very fair to allow mr. ramanayaka continue his studies to get a degree. I say tis becoz siyams murder convicted, if my memory serve me properly, then SI bumunu arachchi was was given chance to complete his b.a. external degree in the USJ, Wijerama and after that he completed his masters also while he is sentenced to life imprisonment. So.....
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

