වත්මන් රජය යටතේ උපාධිධාරීන් දහසය දහසකට මේ මස අගදි පත් විම් ලබා දිමට රජය කටයුතු කරන බව මහමාර්ග , මාර්ග සංවර්ධන හා ඛනිජ තෙල් සංවර්ධන අමාත්‍ය කබිර් හෂිම් මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ එම අමාත්‍යාංශයේ රු මිලියන 319.8 ක ප්‍රතිපාදන යටතේ හැටන් ෂැනන් සිට වැලිඔය හරහා වටවල දක්වා කිලෝමිටර 10 දුර ප්‍රමාණයක් කාපට් අතුරා ප්‍රතිසංස්කරණ කිරිමෙන් අනතුරුව අද (21) ජනතා අයිතියට පත් කිරිමෙන් පසු පැවති රැස්විම අමතමිණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යය කබිර් හෂිම් මහතා කියා සිටියේ උපාධිධාරීන්ට පත් විම් ලබාදිමේදි දමිළ භාෂාව කතා කරන උපාධිධාරීන්ටත් උපාධි ලබාදෙන බවය.
මේ රටේ තරුණ තරුණියන් වෙනුවෙන් ඉදිරි මාස තුන තුළ රැකියා අවස්ථා ලබාදෙන බවද අමාත්‍යවරයා පැවසීය.
2015 වසරේ වත්මන් රජය බලයට පත් විමේදි විශාල ණය බරක්, කුණු කන්දක් , සයිටම් ගැටලුව , ජාතින් අතර අසමගිය , ඇතුළු ප්‍රශ්න ගණනාවක් මධ්‍යයේ රට භාරගත් බවත් සඳහන් කළේය.
එම ප්‍රශ්න නොමැතිව තිබුණා නම් මිට වඩා වත්මන් රජය යටතේ රටට වැඩ කිරිමට හැකියාව තිබු බවද අමාත්‍යවරයා පැවසිය.
වසර 4 ක් ජාතික ආණ්ඩුවක් යටතේ රට පාලනය කල බවත්, ගතවු මාස 6 කාලය තුළ එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් මණ්ඩලයක් පත්කරගෙන වත්මන් රජය පවත්වාගෙන යන බවද අමාත්‍යවරයා පැවසිය.
වත්මන් රජයේ ගම්පෙරළිය වැඩසටහන යටතේ එක් මැතිවරණ කොට්ඨාසයකට ලක්ෂ තුන්දහසක් බැගින් ලබාදුන් බවත්, වතු ආශ්‍රිතව සංවර්ධන කටයුතු සිදු කිරිමට රු. ලක්ෂ 800 මුදලක් ලබා දි ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
