"සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29ක් ගත වෙලා තියෙනවා.තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නෑ.මම සමෘද්ධී ඇමති හිටියා නම් සමෘද්ධිය දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් විතරයි.දෙන උපරිම ටික දීලා හැදියන් කියනවා, නැත්නම් විනාශ වෙයන් කියනවා" යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර විලච්චිය පේමඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකදීය.
කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ලෝක බැංකු ව්‍යාපෘතියක් වන SAPP හෙවත් කුඩා පරිමාණයේ කෘෂි ව්‍යාපෘතිය පිළිබඳ අංශය විසින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පේමඩුව ගොවිජන සේවා බල ප්‍රදේශයේ බඩ ඉරඟු ගොවීන් වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල ප්රදානය කිරීම හිටපු අමාත්‍යය, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම එක් උපකරණ කට්ටලයක් වර්තමාන මිල යටතේ රුපියල් 110,000ක් පමණ වේ. මෙම බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල සියල්ල SAP-P ව්‍යාපෘතිය විසින් නොමිලයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 5000 කට ලබා දීමට පියවර ගෙන තිබේ.ඒ යටතේ පේමඩුව ගොවිජන සේවා බලප්‍රදේශයේ ගොවීන් 350 දෙනෙකු වෙත බහුකාර්ය කෘෂි උපකරණ කට්ටල නොමිලේ බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දුමින්ද දිසාානයක මන්ත්‍රීතුමන්.
"අපි බංකොලොත් වෙලා ඉවරයි.දැන් අපිට - ඔබතුමන්ලාට වගකීමක් තියෙනවා, මේ ගත්ත ණයට අපි සාධාරණයක් ඉටු කරන්න ඔ්නකම තියෙනවා.ඒ සාධාරණය මොකක්ද? මේ යන්ත්‍ර සූත්‍රය ගිහින් ගෙදර තියන එකවත්, මේක විකුණන එකවත් නෙමෙයි.මේ යන්ත්‍රයෙන් බඩඉරඟු වගාවට පමණක් නෙමෙයි, කෘෂිකර්මාන්තයේ ඔ්නෑම වගාවකට උපරිම වශයෙන් භාවිතා කරලා, ඔබතුමන්ලාගේ ආර්ථික ශක්තිය වැඩි කර ගන්න, නිෂ්පාදන ශක්තිය වැඩි කර ගන්න.එහෙම වුණොත් තමයි ඔබතුමන්ලා ඔබතුමන්ලා වෙනුවෙන් රට ණය වෙච්ච එකට ඔබතුමන්ලාට සාධාරණයක් ඉෂ්ඨ කරන්න පුලුවන්කම තියෙන්නේ.
රට වැටුනේ ඇයි කියන එක අපි දැනගන්න ඔ්නකම තියෙනවා.ඒ වගේම රට නැගිට්ටවන්නත් අපි සූදානම් විය යුතු වෙනවා.ඉතිහාසය ගැන අපි කථා බහ කර කර ඉඳලා අච්චරක් ණයයි, මෙච්චරක් ණයයි කියලා බැන්නට එක එක්කෙනාට ඇඟිල්ල දිගු කළාට අපිට කන්න හම්බෙනවාද, අපේ ආර්ථිකය ශක්තිමත් වෙනවාද? එහෙම නම් දැන් අපි මොකා නිසා ණය වුණත්, මොකා හොරකම් කරලා තිබුණත්, ඒකේ අපිත් කොටස්කාරයෝ වුණත් දැන් අපිට සිද්ධ වෙනවා.
අයේ පාරක් හරි විදිහට නැගිටින්න.දැන් අපි නැගිටින කාළය මිසක් අතීතය දිහා බල බල , එක එකාට බැණ බැණ අවලාද කිය කිය ඉන්න එක නෙමෙයි අපි කරන්න ඔ්නකම තියෙන්නේ.මේකා නිසා හරි මේ රට මේ තත්වයට පත් වෙලා තියෙනවා.අපි ඒවාට හවුල් වෙන්න පුලුවන්, නැති වෙන්න පුලුවන්.හැබැයි අපි මේ රටේ ජීවත් වෙනවා.එහෙම නම් රට නැගිට්ටවන්න ගොවිමහත්වරු විදිහට ඔබතුමන්ලා තමන්ගේ රාජකාරිය, තමන්ගේ වගකීම හරි ආකාරව ඉෂ්ඨ කරන්න ඔ්නකම තියෙනවා.
මේ රට නැගිට්ටවන්න නම් අපි පරණ විදිහටම හිතුවොත් හරියන්නේ නෑ, අලුත් විදීහට හිතන්න අපි පටන් ගන්න ඔ්නකම තියෙනවා.ඒකට පක්ෂ භේදයක්, ඒකට ජාති භේදය,ඒකට වර්ග භේදයක් නෑ, අපි හැමෝම එකා වගේ රට නැගිට්ටවන තැනට අපි සූදානම් වෙන්න ඔ්නකම තියෙනවා.හැදෙන එක ඔබතුමන්ලාගේ වැඩක්, නැති වෙන එකත් ඔබතුමන්ලාගේ වැඩක්,ආණ්ඩුවකට පුලුවන්කමක් නෑ, හැමදාම එකම පිරිසකට ආධාර දිදී ඉන්න.
දැන් සමෘද්ධි ව්‍යාපාරය පටන් ගත්තේ 1994 දී දුප්පත්කම නැති කරන්න.දැන් අවුරුදු 29ක් ගත වෙලා තියෙනවා.තාමත් මේ රටේ දුප්පත්කම නැති වෙලා නෑ.මම සමෘද්ධී ඇමති හිටියා නම් සමෘද්ධිය දෙන්නේ අවුරුදු 04 ක් හෝ අවුරුදු 05 ක් විතරයි.දෙන උපරිම ටික දීලා හැදියන් කියනවා, නැත්නම් විනාශ වෙයන් කියනවා.දැන් සමෘද්ධී කාඩ් එක තියාගන්න ඔ්නකමට ත්‍රීවිල් එකක් ගත්ත මිනිහා එක ලියාපදිංචි කරන්නේ නෑ තමන්ගේ නමට, ඒක ලියාපදිංචි කරනවා වෙන කෙනෙකුගේ නමට.ට්‍රැක්ටරයක් ගන්න මනුස්සයා ට්රැක්ටරය ලියාපදිංචි කරන්නේ නෑ තමන්ගේ නමට සමෘද්ධි කාඩ් එක කැපෙයි කියලා.
රුපියල් 2500 ට රුපියල් 5000 ක් වෙනුවෙන් ඊට වඩා දහස් ගණන් හම්බ කර කර අර සමෘද්ධි කාඩ් එක බේරා ගන්න ට්රැක්ටරයත් වෙන එකෙක්ගේ නමට ලියාපදිංචි කරනවා, ත්‍රීවිල් එකත් වෙන නමකට ලියාපදිංචි කරනවා.මෙහෙම රටක් හදන්න පුලුවන්ද,? අපි මේ රුපියල් 2500 කට 5000 කට, මේ කාඩ් එක තියාගන්න, කූපන් එක තියා ගන්න හදනවා.මේක නිකං බූදලයක් වගේ.
දැන් සමෘද්ධීය වෙනස් කරන කොට, සමෘද්ධී සමීක්ෂණය කරන කොට අපිටත් දොස් කියයි සමෘද්ධිය කැපුවා කියලා.කපන්න ඔ්න තමයි.මේක මේ සදාකාලිකව මැරෙනකල් ජීවත් වෙන්න දුන්න දෙයක් නෙමෙයි.රටේ පවුල් ලක්ෂයක් දුප්පත් නම් ඒ පවුල් වලට අවුරුදු 5 න් නැගිටින්න පාර කපලා අත හදලා දීලා, කරන්න පුලුවන් හැමදේමත් කරලා නැගිටින්න බැරි නම් එවුන්ව කපේට නැගිට්ටවන්න බෑ. ඒක තමයි ඇත්ත.
හැබැයි නැගිටින්න පුලුවන් මිනිස්සු ටික අපි නැගිට්ටවගෙන යන්න ඔ්නකම තියෙනවා.මේවා කියන්නේ කා එක්කවත් තරහකට නෙමෙයි.අපි වෙනස් නොවී අනෙක් අයට ඇඟිල්ල දිගු කළාට වැඩක් වෙන්නේ නෑ.සමෘද්ධියෙන් හැදුණ කෙනෙක් ඉන්නවා නම් එයාට පුලුවන්කමක් තියෙන්න ඔ්න මම සමෘද්ධිය නිසා ගොඩ ගියා, බැංකුවේ මගේ මෙච්චරක් තියෙනවා, මං දැන් පොඩි ව්‍යාපාරයක් කරනවා.ඒ නිසා මේ කාඩ් එක දෙන්න දැන් තවත් දුප්පත් එක්කෙනකුට, ඇයි අපිට එහෙම කරන්න බැරි."