උද්ඝෝෂණවලට පොදු ස්ථානයක් ඕන
ආණ්ඩුව විසින් රටට උදා කළ යහපාලනය සමහර පිරිස් අවභාවිත කිරීම නිසා ජන ජීවිතයට දැඩි බාධා එල්ල වෙමින් තිබෙන බව ආපදා කළමනාකරණ හා වාරිමාර්ග අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේය.
ජනජීවිතයට බාධා එල්ල වන ආකාරයට උද්ඝෝෂණ, විරෝධතා රැලි වැනි දේවල් සිදු වෙමින් තිබෙන බවත්, මේ නිසා කඩිනමින් මෙම කටයුතු කිරීමට පොදු ස්ථානයක් නම් කළ යුතුව තිබෙන බවත් ඒ මහතා පැවසීය.
අදාළ ස්ථානයට ආණ්ඩුවේ නියෝජිතයන් කිහිප දෙනෙකු ස්ථිර වශයෙන් පත් කළ යුතු බවත්, එවැනි දෙයක් සිදු කළහොත් ආණ්ඩුවටත් අදාළ පණිවිඩය දැන ගැනීමට හැකියාව තිබෙන බවත් ඊයේ (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීදුමින්ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

popular news
-
Ruwan Wednesday, 05 September 2018 05:41 AM
මෙය තමයි දියුණු කියන රටවල වෙන්නේ. එම නිසා මේ ඉක්මන් කිරීම රජය සතු යුතුකමකි.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
