උතුරේ වැසියන්ගෙන් යුද හමුදාවට පැසසුම්
පසුගිය දින කිහිපය පුරාවට උතුරු ප්‍රදේශයට බලපෑ අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඇති වූ ගංවතුර නිසා පවුල් 23,054 කට අයත් පුද්ගලයින් 73,851 දෙනෙකු විපතට පත්ව යාපනය මරදන්කේනි ප්‍රදේශයේදී එක් අයෙකු මිය ගොස් ඇති බවට ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් පෙන්වා දෙයි.
මේ අතර ගංවතුර හේතුවෙන් උතුරු පළාතේ වැඩිම ආපදාවක් වාර්තා වූ කිළිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රීක්කයන්හි විපතට පත් වැසියන් බේරාගැනීම සඳහා දායක වූ යුද හමුදාවට හා නාවික හමුදාවට උතුරේ වැසියන්ගේ මහත් ප්‍රසාදයක් ඇතිව තිබේ.
මෙහිදී වැඩිම ආපදාවක් වාර්ථා වූ කිලිනොච්චිය දිස්ත්‍රීක්කයේ විපතට පත් 39,932 ක් වූ වැසියන් බේරා ගැනීම සඳහා යුද හමුදාව ප්රමුඛස්ථානයක් ගෙන කටයුතු කිරීම සාමාන්‍ය වැසියන් අතර විශේෂ වී ඇති අතර එහිදී කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රැල්ෆ් නුගේරා මහතා සහ 57 වන සේනංකාධිපති මේජර් ජෙනරල් විජිත රවිප්‍රිය මහතාගේ නායකත්වයන් යුද හමුදා සෙබළුන් දිවා රාත්‍රි සේවයේ නිරත වෙමින් විපතට පත් වැසියන් බේරා ගැනීමේ සිට ඉඳුම් හිටුම් , ආහාරපාන, වෛද්‍ය පහසුකම් ඇතුළු සියලු දේ සිදු කරනු ලැබීය.
එමෙන්ම උතුරේ ගංවතුර තත්වය පහව යන තුරු විපතට පත් වැසියන් වෙනුවෙන් සහන සැලසීමට මුලතිව් හා කිළිනොච්චිය දිස්ත්‍රීක්කයන්හි පමණක් යුද හමුදාව සහ නාවික හමුදාව දහසකට අධික ප්‍රමාණයක් යෙදවීමටද ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන ඇත.



popular news
-
Champa Wednesday, 26 December 2018 04:19 PM
ස්වභාවික විපත් වලදී යුධ සහ නාවුක හමුදාව නොහිටින්න උතුරට විතරක් නෙමයි දකුණටත් හව්හරණක් නැති වෙන්න ඉඩ තිබ්බ. විදේශගත දෙමල මිනිස්සු වහන්න හැදුවට සහ අසාධාරණ විවේචන කෙරුවට ශ්‍රී ලංකා යුධ, නාවුක සහ ගුවන් හමුදා උතුරේ සිවිල් වැසියන්ගේ ජීවිත වල කොටසක් වෙලා ඉවරයි. සිංහලයෙක් විදිහට, පාට පක්ෂ ජාති භේදයක් නැතුව රටේ ජනතාව වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන අපේ හමුදාව ගැන ආඩම්බර වෙනවා. ඉතුරු ටික ලියන හිතුවේ අවන්තගේ මේ cartoon එක දැකල. ස්වභාවික ආපදා හෝ මොනයම් හෝ ආපදා වලට ලක් වුනු මිනිස්සුන්ට උදව් කිරීම සිංහල අපේ ලේ වල තියෙනව. උතුරේ ජනතාව ආපදා වලට ලක් වෙලා ඉන්න වෙලාවේ වෙනද දකින ඒ උදව් දකින්න නැහැ. හේතුව මොකක්ද? පැහැදිලිවම දේශපාලනය. 2016 ලංකාවේ බොහෝ පළාත් ගංවතුරෙන් යට වුනහම මිනිස්සු අති විශාල වශයෙන්, තනි තනි වශයෙන්, කණ්ඩායම් වශයෙන්, කලාකරුවන් වශයෙන්, වෙනත් නොයෙක් අංශ නොයෝජනය කරමින් උදව්වට ආව. ඒ පින්තූර මට කවදාවත් අමතක වෙන එකක් නැහැ. ඊළඟ අවුරුද්දේ 2017, ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය ජනතාවට කිව්වා තමන් ආධාර එකතු කරනවා ඒ හින්ද එතනට ගෙනත් දෙන්න කියලා. 2018 ගංවතුර ගැලුවද? මට මතක නැහැ. කොහොම හරි (continued ....)
Reply : 0 0
Champa Wednesday, 26 December 2018 04:31 PM
මම කියන්න ගියේ 2017 ප්‍රසිද්ධ විද්‍යුත් මාධ්‍ය ආයතන ගංවතුර ආධාර එකතු කරන ස්ථාන පිහිටුවල මිනිස්සුන්ට කිව්වා ආධාර එතනට ගෙනත් දෙන්න කියලා. මිනිස්සුත් එහෙම කලා. ඊට පස්සේ තමන්ගේ ආයතනයෙන් බෙදන විදිහට ප්‍රචාරය දීල ඒ ආධාර බෙදුව. අද උතුරේ මිනිස්සු විපතට පත් වෙලා ඉන්න කොට එහෙම කරන්නේ නැහැ. දේශපාලනය නිසා. උතුරේ දෙමල මන්ත්‍රීවරු තමන් සහයෝගය දක්වන දේශපාලකයට උදව් නොකළ නිසා අර විද්‍යුත් මාධ්‍ය ආධාර එකතු කරන්නේ නැහැ. ඒ වගේම තමයි මම දැක්ක ඔක්තෝබර් 26 ට ඉස්සෙල්ල හාමුදුරුවරුත් උතුරට ගිහින් දෙමල මුස්ලිම් වැසියන්ට ආධර බෙදනවා. අද ඒවා නැහැ. ඒ මොකොද? 2016 දකුණේ ගංවතුර ගලපු වෙලාවේ ස්වේච්චාවෙන් උදව්වට ආපු සිංහලයන්ගේ මනුස්සකම 2017 තමන්ගේ මාධ්‍ය ආයතනයේ ප්‍රසිද්ධිය සඳහා අවභාවිත නොකළ නම්, අද සිංහලයන් උතුරට යවන්න ආධාර දෙනවා. 2016 මිනිස්සු බෝට්ටු වලින් සහ තමන්ගේ වාහන වලින් වැල නොකැඩි මිනිස්සු ඉන්න තැන වලටම ගිහින් ආධාර බෙදුව. නාය ගියපු ඈත පළාත් වලටත් ගියා. හරිම ස්වභාවික දර්ශන. අද දේශපාලනය විසින් සිංහල මිනිස්සුන්ගේ මනුස්සකම ප්‍රාණ ඇපයට අරන්. අපේ පරණ සිංහල බෞද්ධ සමාජය නැවත ගෙන්න නම්, මේ දේශපාලනය ප්‍රතික්ෂේප කරන්න ඕනේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

