උතුරේ යළි යුද්ධයක් ඇතිවෙන්න දෙන්නේ නෑ
"මුලතිව් රාමේෂ්වරම්වලින් පැරණි ආයුධ මතු වුණාට, යම් යම් තැන්වලින් ඇටසැකිලි මතු වුණාට, ආයුධයක් දෙකක් තැන් තැන්වලින් හමුවුණාට නැවත උතුරේ යුද්ධයක් ඇති වන්නේ නැහැ. ඇති වෙන්න ඉඩ තියන්නේත් නැහැ” යැයි උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පැවසීය.
මුලතිව් ක්‍රීඩා පිටියේදී පසුගියදා පැවති රැස්වීමකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මුලතිව් ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ සහ පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන්ගේ මූලිකත්ත්වයෙන් ආරම්භ කර ඇති බෝධිරාජ පදනමේ මෙහෙයවීමෙන් මුලතිව් දිස්ත්‍රික්කයේ ස්වයං රැකියාලාභී කාන්තාවන්ට ද්‍රව්‍ය ආධාර සහ ආබාධිත පිරිස් සඳහා රෝද පුටු බෙදා දීමට මෙම උත්සවය සංවිධානය කර තිබිණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,
"මහ වරුසාවක් වැස්සට පස්සේ පොළවේ තෙතමනය තියෙනවා වගේ උතුරු පළාතේ පැවති තිස් අවුරුදු යුද්ධයෙන් පසු ආයුධ දෙකක් තුනක් හම්බ වෙන්න පුළුවන්. ඒක නැවත යුද්ධයක පෙරනිමිති හෝ ආරම්භයක් හෝ නොවෙයි. අද උතුරේ රණවිරුවන් බිහිසුණු පීඩාකාරී යුද්ධය නිමා කර සාමකාමී හමුදාවක් බවට පත් වෙලා තිබෙනවා.
උතුරේ තිබෙන රෝහල්වල ලේ බැංකු රක්ත වර්ණයෙන් පුරවන්නේ උතුරේ සිටින ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සිංහල නිලධාරීන්, රෝහල් ගතව සිටින ද්‍රවිඩ ජනතාවට සිංහල ජාතීන්ගේ ලේ දුන්නම එතැන සිංහල ද්‍රවිඩ ලේ කලවම් වීමක් සිදු නොවන්නේ දැයි මා උතුරේ දේශපාලඥයන්ගෙන් ප්‍රශ්න කරනවා.”

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

