උතුරේ අධ්‍යාපන ගැටලු නිරික්ෂණය සඳහා නව ප්‍රවේශයක් - රෙජි
කිලිනොච්චිය හා මුලතිව් තුනුක්කායි කලාප තුල ඇති පාසල්වල විදුහල්පතිවරුන්ගේ හා අංශභාර ගුරුවරුන්ගේ අධ්‍යාපනික ගැටළු පිළිබද සාකච්ජාවක් ඊයේ දින කිලිනොච්චිය මහා විද්‍යාලයේ තුනුක්කායි කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී උතුරු පළාතේ නිධන්ගත අධ්‍යාපන ගැටළු නිරීක්ෂණය කිරීමට නැවුම් ප්‍රවේශයක් ගත යුතු යයි පැවසු උතුරු පළාත් ආණ්ඩුකාරතුමා නිවැරදි ගුරු කුලයක් ඇති කල යුතු බවද ප්‍රකාශ කළේය.
විද්‍යා,ගණිත,ඉංග්‍රීසි ගුරු හිගය මකාලීමට උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයෙන් එච්.එන්.ඩී.ඒ. ඩිප්ලෝමා උපාධිධාරීන් බදවා ගැනීම හා ස්වෙච්චා ගුරුවරුන් හට අවකාශ සලසන ලෙසත් යෝජනා කල ආණ්ඩුකාරතුමා තවද විශ්‍රාමික ගුරුවරුන්ගේ අවකාශ ලබා ගැනීමත් ප්‍රාථමික ඉංග්‍රීසි ගුරුවරුන් සදහා දැනට සිටින ගුරුවරුන් පුහුණු කරවන ලෙසටත් මෙම සාකච්ඡාවන්හිදී දැනුම් දෙනු ලැබීය.
එමෙන්ම කලාප තුළ ගුරු සංචිතයක් සෑදීමට හා විශේෂයෙන් විද්‍යා හා ගණිත ගුරුවරුන්ගේ සංචිතයක් සැදීමට යෝජනා කළ උතුරු පළාත් ආණ්ඩුකාරතුමා ඔවුන්ගෙන් උපරිම සේවය ලබා ගන්නා ලෙසටත් එම ගුරුවරුන් එක පාසලකට සීමා නොකර අවට පාසල්වලටත් යොදවන ලෙසටත් දන්වා සිටියේය.
ගුරුවරුන්ගේ ස්ථාන මාරුවීම් වලදී අනුප්‍රාප්තිකයෙකු රහිතව ස්ථාන මාරුවීම් නොකල යුතු බව විශේෂයෙන් සදහන් කල ආණ්ඩුකාරතුමා අනුප්‍රාප්තිකයෙකු පැමිණෙනතුරු එම ගුරුවරයා විදුහලෙන් නිදහස් නොකළ යුතු බව අවධාරණයෙන් සදහන් කළේය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
