උතුරු සභේ නිල කාලය හෙටින් අවසන්
උතුරු පළාත් සභාවේ නිල කාලය හෙට (24) අවසන් වීමත් සමග පළාත් සභා 06 ක්ම නිලධාරී පාලනය යටතට පත් වී තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සඳහන් කරති.
ආණ්ඩුකාරවරුන් හා නිලධාරීන් යටතට පළාත් සභා පත්වීම් භයානක බවත් පළාත් සභා පිහිටවනු ලැබුවේ බලය බෙදා හැරීමට බවද කැෆේ සංවිධානය සඳහන් කරයි.
විවිධ හේතු කියමින් පළාත් සභා මැතිරණය පැවැත්වීම කල් දමමින් සිටින බවත් පාරලිමේන්තුව තුල සිටින කිසිදු දේශපාලන පක්ෂයකට මැතිවරණය කඩිනමින් පැවැත්වීමට උවමනාවක් නොමැති වී තිබෙන බවද එම සංවිධානයේ විධායක අධ්යක්ෂක කිර්ති තෙන්නකොන් මහතා සඳහන් කළේය.
මැතිවරණය කඩිනමින් පවත්වා ගැනීමට උනන්දුවෙන් කටයුතු කරන්නේ මැතිවරණ කොමිෂන් සභාව හා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පමණක් බවද පවසා සිටියේය.

popular news
-
Champa Tuesday, 23 October 2018 04:29 PM
පළාත් සභා අහෝසිම කරලා දාන්න ඕනේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

