උතුරු මුහුදේ මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 7ක් අත්අඩංගුවට
නීතිවිරෝධී ලෙසින් උතුරු මුහුදු සීමාවට ඇතුල් වී ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් හත්දෙනෙකු සහ ඔවුන්ට අයත් ට්‍රෝලර් යාත්‍රාවක් ඊයේ (28) දින නාවික හමුදා භාරයට ගෙන ඇත.
උතුරු නාවික විධානයට අනුයුක්ත වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් මඟින් තලෙයිමන්නාරම ප්‍රදිපාගාරයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදි නීතිවිරෝධි ලෙස මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව නාවික හමුදා වේග ප්‍රහාරක මුර යාත්‍රාව මඟින් උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය වෙත රැගෙන ඒමට කටයුතු කරන ලදී.
නාවික හමුදා භාරයට පත් ධීවරයින් වයස අවුරුදු 18, 22, 26, 30 සහ 36 වන වියෙහි පසුවන අයවලුන් වන අතර, එම ධීවරයින් පිරිස වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කිරිමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම, සහකාර ධිවර අධ්‍යක්ෂක වෙත භාර දීමට නාවික හමුදාව විසින් පියවර ගෙන ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

