උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින්, උතුරු මැද පළාතේ 11 ශ්‍රේණියේ පාසල් දරුවන්ට දෙවන වාරය සඳහා ලබා දුන් කෘෂි හා ආහාර තාක්ෂණය විෂයට අදාල, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 5කට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රයේ සටහන්ව තිබුණද, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 4 ක් පමණක් මුද්‍රණය කර තිබීම හේතුවෙන් එම විභාගයට පෙනී සිටි පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
ඉකුත්දා පැවැති දෙවන වාරයේ මෙම ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබා දී තිබූ අතර සාමාන්‍යය ක්‍රම වේදය වන්නේ ප්‍රශ්න 7ක්, ලබා දී ප්‍රශ්න 5ට පිළිතුරු සැපයීම.එහිදී අනිවාර්යෙන් පළමු ප්රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර ඉතිරි ප්‍රශ්න 6න්, 4ක් තෝරා ගෙන පිළිතුරු සැපයිය යුතුය.
ඉදිරි සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට මෙම විභාගය පෙරහුරුවක් වුවද, මෙලෙස ප්‍රශ්න පත්‍රය වැරදි සහගත ලෙස මුද්‍රණය කිරීම හේතුවෙන් ඉදිරි සාමාන්‍ය පෙළ විභාගය සඳහා මුහුණ දෙන දරුවන්ට ගැටලුවක් ඇති වන බව මෙහිදී දෙමව්පියෝ පැවසූහ.
උතුරු මැද පළාතේ මෙවර දෙවන වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබා දුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳවද ඉකුත්දා මාධ්‍ය මගින් අනාවරණය කෙරිණි.
ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්. එම්. ඩබ්ලිව්. සමරකෝන් මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කිසිදු වියදමක් දරා සකස් කර නැති බවත්, කලාප කාර්යාල වලට යම් යම් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට බාර දුන් බවය.ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම පැවසීය.
විභාග ප්‍රශ්න පත්‍රයේ ඉහළින්ම පළාත් කොඩිය සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව-උතුරු මැද පළාත ලෙස සටහන් කර ඇති බවත් එහෙයින් වගකීම සම්පූර්ණයෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව භාර යුතු බවත් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේය.
මෙම වරද වෙනත් අයට පටවා පළාත් දෙපාර්තමේන්තුවට ගැලවිය නොහැකි බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.කිසිම අධීක්ෂණයකින් හා වගකීමකින් තොරව කටයුතු කිරීම මෙවර දෙවන වාර පරීක්ෂණයේ දී සිදුකර ඇති බවට පෙනී යන බව පෙන්වා දෙන සභාපතිවරයා, තුන්වන වාරයට ඉගැන්විය යුතු පාඩම් මාලා මගින් දෙවන වාරයට ප්‍රශ්න සකස් කිරීමද මොවුන්ගේ වගකීම් තොර බවට හොඳම නිදසුනක් බව පෙන්වා දෙයි.
එමෙන්ම ලංකාවේ පළාත් නවයෙන් අනෙකුත් පළාත්වල අධ්‍යාපන මට්ටම ඉහලට ගමන් කළද අඛණ්ඩව වසර තුනක් මේ පළාතේ අධ්‍යාපනය පහළට ගමන් කරන්නේ මෙවැනි තත්ත්වයක් හේතුවෙන් බවද සභාපතිවරයා කීය.