උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් රවි විජේගුණවර්ධන මහතා අද (27) උදෑසන ආගමික වතාවත් වලට අනුව සුභ මොහොතින් වැඩ භාර ගන්නා ලදි.
උතුරු පළාතේ මීට පෙර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කළ රෝෂාන් ප්‍රනාන්දු මහතා දකුණු හා සබරගමුව පළාත් වෙනුවෙන් ස්ථාන මාරුවීම සිදුව ඇති අතර දකුණු හා සබරගමුව පළාත්හි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කල රවි විජේගුණවර්ධන මහතා උතුරු පළාතේ නව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් අද දින වැඩ භාර ගැනීම සිදු විය.
යුද සමයේදී රවි විජේගුණවර්ධන මහතා වන්නි පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති වශයෙන් සේවය කරමින් සිංහල,දෙමළ හා මුස්ලිම් ජනතාව අතර ප්‍රසිද්ධියට පත් අයෙකි.
