උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය වරියගේ මුදල් වංචාවන් සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරයි
උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආනන්දි ශෂිදරන් මහත්මිය විසින් සිදුකළ බව කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා විසින් ත්රීපුද්ගල කමිටුවක් පත් කර ඇත.
හිටපු කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යවරිය විසින් සිදු කළා යැයි පැවසෙන මූල්‍ය වංචාව සම්බන්ධයෙන් උතුරු පළාත් සභාවේ හිටපු සභාපති සි.වි.කේ.ශිවඥානම් මහතා විසින් ලබා දුන් ලිඛිත පැමිණිල්ලක් තමන් වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම පියවර ගත් බව ඔහු සදහන් කළේය.
අදාල ලිඛිත පැමිණිල්ල සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ත්රීපුද්ගල කමිටුවක් පත් කිරීමට පියවර ගත් බවටත් අදාල මූල්‍ය වංචාව සම්බන්ධයෙන් පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටුවේ වාර්ථාව ඉදිරි සති දෙක ඇතුළත ලැබීමට නියමිත බවටත් එම වාර්ථාව අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම හෝ නොගැනීම සිදු කරනු ලබන බවට උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් නිවේදනය කොට සිටියේය.
ආනන්ද ශෂිදරන් හිටපු අමාත්‍යවරිය විසින් උතුරු පළාත තුළ වකුගඩු රෝගීන් සඳහාත් හෘද රෝගීන් සඳහාත් සහන සැලසීමට පිහිටුවා ඇති අරමුදලෙන් අදාළ මුදල් වංචා කර ඇති බවට මෙසේ චෝදනා එල්ල වී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
