උතුරු ආණ්ඩුකාරවරයා ඉන්දියාවේ සිටින ශ්‍රි ලාංකික සරණාගතයින් පිළිබඳව විශේෂ සාකච්ඡාවක
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වූ ජාත්‍යන්තර සංක්‍රමණික සංවිධානයේ ප්‍රධානී සරත්ඩෑෂ් මහතා සහ උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් මහතා අතර විශේෂ හමුවක් උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී සිදුවිය.
එහිදී ප්‍රධාන වශයෙන් යුද්ධය හේතුවෙන් ඉන්දියාවට ගොස් ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික දෙමළ සරණාගතයන් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවති අතර ඔවුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන ඒමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පුළුල් ලෙස සාකච්ඡා කර ඔවුන් නැවත මෙරටට ගෙන ඒම සදඟා තම සංවිධානයෙන් රුපියල් මිලියන 6.5ක මුදලක් වෙන් කළ හැකි බවත් අනපේක්ෂිත සාධක කිහිපයක් හේතුවෙන් ඔවුන් නැවත ගෙන ඒම ප්‍රමාද වී ඇති බවත් පෙන්වා දුන් ඩෑෂ් මහතා ඒ සඳහා සහය වන ලෙස උතුරු ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.
පසුව මේ පිළිබඳව විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් හා අදාළ අනෙකුත් නිලධාරීන් සමග සාකච්ඡා කොට අයි. ඕ.එම් ආයතනයට අවශ්‍ය සහයෝගය ලබා දීමට උතුරු ආණ්ඩුකාරවරයා විසින් එකඟ වි ඇත.
ඉන්දියාවේ වෙසෙන ශ්‍රී ලාංකික සරණාගතයන්ට නැවත තම ජාතියට ඇතුළු වීමට පූර්ණ අයිතිය ඇති බවටත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන විට ඔවුන්ට අවශ්‍ය නිසි පහසුකම් ලබා දීම සහතික කළ යුතු බවත් ඔවුන් නැවත කිසි දිනෙක ලංකාවේ සරණාගතයන් ලෙස ජීවත්වීමට ඉඩ දිය නොහැකි බවත් උතුරු ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

popular news
-
Champa Sunday, 04 August 2019 06:59 PM
උතුරු ආණ්ඩුකාරයාට මෙහෙම සාකච්චා කරන්න බලයක් නැහැ. මේ වගේ විෂයයන් ආණ්ඩුකාරයාගේ විෂය පථයට අයත් නැහැ. තමන්ට නැති බලයක් අරගෙන හැසිරෙන්නේ වහල් ජනාධිපති නැති බලයක් දීල තියෙන හින්ද. සිංහල දේශපාලකයෝ දෙමල චන්ද වලට ඕනේ පාවා දීමක් කරනවා. මුලතිව් ගුරුකන්ද විහාරේ භූමිය දෙමලු හාරනවා භූමිය විනාශ කරනව. ඒ ගැන බලන්න බල්ලෙක්වත් නැහැ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

