උඩුනුවර හා යටිනුවරත් බුදු පිළිම කඩයි
උඩුනුවර යටිනුවර මාවනැල්ල ප්‍රසිද්ධ ස්ථාන වල බුදුපිළිම වහන්සේලාට අලාභ හානි කළ පුද්ගලයෙකු මාවනැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වෙලම්බඩ පොලිසිය කියයි. විනාශ කළ බුදු පිළිමය වෙනුවට නව බුදු පිළිමයක් වෙලම්බඩ පොලිසිය මගින් ස්ථාපිත කරයි.
ඊයේ (25) රාත්‍රි හා අද (26) අලුයම යටිනුවර ඓතිහාසික දොඩම්වල දේවාලය ඉදිරයේ ඇති බුදු පිළිමයට හා උඩුනුවර වෙලම්බඩ ලියන්ගහවෙල රත්නදීප විහාරයේ බුදු පිළමයට හා කුඩා පිළිම දෙකක් පොළවේ ගසාද විනාශ කර දමා ඇති බවද පොලීසිය පැවැසිය.
එම ප්‍රදේශයන්හි ආරක්ෂාව සඳහා පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළුන්ද යොදවා ඇති අතර මෙම ප්‍රදේශ වල කඩුගන්නාව,වෙලම්බඩ,පේරාදෙණිය පොලිසි මගින් විශේෂ ආරක්ෂාවක් යොදවා ඇති බවද පොලිසිය පැවැසිය.
උඩුනුවර වෙලම්බඩලියන්ගහවෙල රත්න දීප විහාරයේ විනාශ වු බුදු පිළිමය වෙනුවට වෙලම්බඩ පොලිසිය හා වෙලම්බඩ ප්‍රජා කමිටුව එක්ව මහා සංඝරත්නය 30 නමකට අධික සංඛ්‍යාවක් වඩම්මා එම ස්ථානයේ නව බුදු පිළිමයක් ස්ථාපිත කරවීය.
චමිල් රූපසිංහ


popular news
-
Champa Wednesday, 26 December 2018 07:20 PM
මොකක්ද ඒ පාර? එකක් ඉවර වෙන කොට එකක්. නුවර පැත්තේ ඔය පළාත්වලට විතරක් නෙමෙයි අනිත් පළාත් වලටත් පොලිසියේ අවධානය යොමු වෙන්න ඕනේ. විශේෂයෙන් පන්සල් සහ පාරවල් අයිනේ පිහිටුවල තියෙන බුදු පිළිම තියෙන තැන්වලට ආරක්ෂාව දෙන්න ඕනේ. අනික ජනතාව දැනුවත් කරන්න one මේව කරලා ආගම්වාදය අවුස්සලා ලේ හලන්න හදන නරුමයන් අල්ල ගන්න වැඩ පිළිවෙලක් වෙනුවෙන්. ජනතවට පුළුවන් ලේසියෙන්ම මෙවුන්ව අල්ල දෙන්න අර මාවනැල්ලේ කල වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

