උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණි ප්‍රංශ ජාතික යුවලක් හා ඔවුන්ගේගේ දොළොස් හැවිරිදි දරුවා පැමිණි සෆාරි ජිප් රථයට දඩයම්කරුවන් විසින් ඊයේ (20) වෙඩි තැබිමේ සිද්ධියක් පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
උඩවලව ජාතික වනෝද්‍යානය නැරඹීමට තම දරුවා සමඟ පැමිණි ප්‍රංශ ජාතික යුවල මව්ආර ගල්අමුණ රක්ෂිතයේ විවේක ගනිමින් සිටියදී දඩයම්කරුවන් තිදෙනෙකු දඩයමේ යන අයුරු දැක ඡායාරූපගතකර තිබේ.
පසුව සංචාරක යුවල උද්‍යානයෙන් පිටව යද්දී පැමිණ ඇති දඩයම්කරුවන් ඔවුන්ට හිරිහැර කිරීමට උත්සාහ කර තිබිණි.
ඊට වනෝද්‍යානයේ සිටින සෆාරි ජිප් රථ රියදුරන් විරෝධය පළකර තිබේ.
ඒ අවස්ථාවේ දඩයම්කරුවන් ඔවුන් ළඟ තිබූ බෙහෙත් කොටන තුවක්කුවෙන් වෙඩිතබා තිබේ.
එම වෙඩිපහරින් සෆාරි ජීප් රථයට අලාභහානි සිදුවී තිබේ.
සිද්ධිය පිළිබඳව හම්බේගමුව පොලීසිය පරීක්ෂණ පවත්වයි.
