මහනුවර සිට බදුල්ල දක්වා ධාවනය වු භාණ්ඩ ප්රවාහන දුම්රියක් පිළිපැනිම හේතුවෙන් උඩරට දුම්රිය ධාවනයට බාධා පැමිණ තිබු බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසයි.
ධාවනය වෙමින් තිබු භාණ්ඩ ප්රවාහන දුම්රිය නානුඔය සහ අඹේවෙල දුම්රිය ස්ථාන දෙක අතර 130 සැතපුම් කණුව අසලදි අද (26) දින උදැසන 10.15 ට පමණ දුම්රියේ භාණ්ඩ ප්රවාහන බොගියක් (පෙට්ටියක් ) පිළි පැන තිබු බව නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු පැවසුහ.
පිළිපැනිමට ලක්වු දුම්රියේ මගි ප්රවාහන මැදිරියක් ද තිබු බවත්, දුම්රිය පිළි පැනිමෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන දුම්රියන් සහ කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය දුම්රියන් වල මගින්ව භාණ්ඩ ප්රවාහන දුම්රිය පිළි පැන ඇති ස්ථානය දක්වා ධාවනය කර එම මගින්ව දුම්රියන් දෙකට මාරු කර ධාවනය කිරිමට නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය කටයුතු කර තිබුණි.

