උක් ප්‍රධාන වැවිලි බෝගයක් වෙයි
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස උක් බෝගය නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ වත්මන් සීනි පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 670000ක් වන අතර එම අවශ්‍යතාවෙන් 91%ක් සපුරා ගන්නේ ආනයනය මගිනි. ඒ සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 350ක් පමණ විදේශ විනිමයක් වැයවෙයි.
2020 වන විට දේශීය සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 700000ක් බවට වැඩිවෙනු ඇතැයිද අපේක්ෂා කරයි.
එම අවශ්‍යතාව සපුරා ගැනීම වෙනුවෙන් මොනරාගල, මඩකලපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හා පොලොන්නරුව යන දිස්ත්‍රික්කවල හෙක්ටයාර 104000ක උක් වගා කිරීමටද රජය සැලසුම්කර තිබේ. ඒ හා සමගාමීව මෙසේ උක් බෝගය ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් ලෙස නම් කිරීමට කටයුතු යොදා ඇත.

popular news
-
Champa Thursday, 01 August 2019 06:14 AM
වහල් ආණ්ඩුවට එකපාරටම සීනි මතක් වුනේ මොකොද? හෙක්ටයාර් ලක්ෂ 104ක උක් වවන්න? හෙක්ටයාර් 1 = අක්කර 2.47. ඒ කියන්නේ අක්කර දෙලක්ෂ පනස් හය දහස් අටසිය අසූවක්!!!!!!! මෙතන තියෙන්න වෙන මොකක් හරි මගඩියක්. මේ හදන්නේ උක් පිටින් දාල මේ අක්කර දෙලක්ෂ පනස් හය දාහ විදේශිකයන්ට දෙන්න. හොඳයි වැඩේ. කොන්දක් තියෙනවයි කිව්ව ජනාධිපතිට කොන්දක් නැහැ විදේශිකයන්ට ඉඩම් ගන්න තහනම් කරලා ගැසට් නිවේදනයක් නිකුත් කරන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

