උ.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වීමේ සූදානමක්
ගුරු විදුහල්පති ගැටලු විසඳීම සඳහා ලිඛිත පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළ හොත් මෙවර පැවැත්වෙන උසස්පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි.
මේ සම්බන්ධයෙන් ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව දැන්වූ බවත්, 1997 වසරේ සිට පවතින වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු හා නව සේවා ව්‍යවස්ථා ගැටලු හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක් සිදුව තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරම් මහතා සඳහන් කළේය.
ගුරු විදුහල්පතිවරුන් ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙසට බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලා සිටි නමුත් එම ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය.
මේ හේතුවෙන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවට විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කළ බවත්, උත්තර පත්‍ර පරීක්ෂා කරන පිරිසෙන් අතිබහුතරය උපාධිධාරී ගුරුවරුන් වන බවත් ඊ.එම්.ජේ.එස්. ද සේරම් මහතා වැඩිදුරටත් පැවසීය.

popular news
-
dilal Saturday, 03 August 2019 01:48 PM
1997 කාලයේ අද්යාපන ඇමතිවරයා වුයේ හිටපු විදුහල්පතිවරයෙක් වූ රිචඩ් පතිරණ මහතායි.එනිසා මමනම් කිසිසේත්ම හිතන්නේ නැහැ එතුමා විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට සාධාරණය ඉටුනොකර ඔවුන්ට ලැබිය යුතු දේ නොදී ඉන්න ඇත කියා. අනික 97 තේ සිට ආණ්ඩු කීයක් තිබුනද ඇයි කිසිම රජයක් ඔය කියන ප්රශ්නය විසදුවේ නැත්තේ ,ළමුන් ඉතා මහන්සි වී මුදල් වියදම්කර ටියුෂන් අරගෙන විභයයට ඉදිරිපත්වෙනවා එනිසා මේ අවස්ථාවේ දරුවන් ප්රනඇපයට තබාගන්න එපා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

