ඊයේ රෑ තමයි රෑ
ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167ක් දක්වා ඉහළ යෑමත්, බදු ඉහළ නංවමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් වීමත් නිසා ඊයේ (17දා) රාත්‍රිය ඓතිහාසික රාත්‍රියක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
"ඊයේ රාත්‍රිය තමයි රාත්‍රිය බවට පත්වෙලා තිබෙන්නේ. අපේ රටේ ඉතිහාසයේ ප්‍රථම වතාවට ඊයේ රාත්‍රියේ 12.00 පසුවන විට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 167ක් පසුකරලා තිබෙනවා. ඒ විදියට රුපියල මස්තබාල්දු වෙමින් පවතින අවස්ථාවක ජනතාවට උසුලාගත නොහැකි ජීවන බරක් උරුමකර දීම සඳහා මධ්‍යම රාත්‍රියේ 12.00ට අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරලා'' යනුවෙන් හෙතෙම කීවේය.
සීනී සඳහා ආනයන තීරු බද්ද රුපියල් 12කින්ද, වාරාය හා ගුවන් සේවා බද්ද රුපියල් 7.50කින්ද, නිෂ්පාදන බද්ද රුපියල් 30කින්ද අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් ඉහළ දමා තිබෙන බවත්, ආණ්ඩුව උමතුවෙන් හැසිරෙන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම නිසා ජනතාව පීඩාවට පත්ව තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රමයේ පැවැති මාධ්‍ය හමුවකදී බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේ, රුපියල අවප්‍රමාණය වීම නිසා පසුගිය අවුරුදු තුනේදී රුපියල් බිලියන 1,000කට වඩා ණය බරක් ශ්‍රී ලංකා ආර්ථිකයට එකතු වී තිබෙන බවයි.
සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරයක් සඳහා රුපියල් 200ක් ගෙවීමට සිදුවීම කිසිවෙකුට වැළැක්විය නොහැකි බවත්, ඒ සම්බන්ධව ජනාධිපතිවරයා හා අගමැතිවරයා රටට ප්‍රකාශයක් කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

popular news
-
Bandula. Tuesday, 18 September 2018 04:36 PM
බුර බුරා හිටපල්ලා බොරු බේගල් ඇද ඇද හිටපල්ලා? ගෑස් මිල වැඩි සිනි මිල ඇද වැඩි වෙලා මෙයාල බබල වගේ බුරා බුරා ඉන්නවා.
Reply : 11 0
Bandula. Tuesday, 18 September 2018 04:36 PM
බුර බුරා හිටපල්ලා බොරු බේගල් ඇද ඇද හිටපල්ලා? ගෑස් මිල වැඩි සිනි මිල ඇද වැඩි වෙලා මෙයාල බබල වගේ බුරා බුරා ඉන්නවා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

