මේ දිනවල ඊමේල් පණිවිඩ හරහා ජනතාව රවටා මුදල් එකතු කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පවසයි. විවිධ රටවල ප්‍රභූ පුද්ගලයන්ගේ නම් භාවිත කරමින් ඊමේල් පණිවිඩ හරහා යම් පිරිසක් විසින් ඔවුන් ආසියාතික කලාපයේ විශාල ධනස්කන්ධයක් වැය කරමින් සිදු කිරීමට යන සමාජ ආයෝජනයක් සඳහා උපකාර බලාපොරොත්තු වන බව දැනුම් දෙමින් ඊමේල් පණිවිඩ එවීමේ ප්‍රවණතාවක් ඇති වී තිබේ.
මෙවැනි ඊමේල් පණිවිඩ සැලකිය යුතු ශ්‍රී ලාංකිකයන් පිරිසකට ලැබී ඇති බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ලැබුණු තොරතුරුවලින් තහවුරු වන බවද සඳහන් වේ.
ඊමේල් පණිවිඩ හරහා දුරකථන අංකය ලබාගනිමින් ආයෝජනය සඳහා ලංකාවට පැමිණීමට අවශ්‍ය ගුවන් ටිකට්පතේ වියදම දරන ලෙස හෝ මූලික ලියවිලි කටයුතු සඳහා ඔවුන්ගේ ගිණුම්වලට මුදල් දමන ලෙස ඉල්ලමින් කූට ලෙස ජනතාව රවටමින් මුදල් ලබාගැනීම කරනු ලැබේ. ආයෝජනයේදී මුදල් හා ප්රතිලාභ ලැබෙන බව පවසමින් මෙවැනි කූට ව්‍යාපාර පවත්වාගෙන යන පුද්ගලයන්ට හසුවීමෙන් වැළකී සිටීමට එම ඊමේල් පණිවිඩවලට ප්‍රතිචාර නොදක්වන ලෙසත්, මෙවැනි ඊමේල් පණිවිඩ ලද විගස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය දැනුවත් කරන ලෙසත් එම සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
