ඉහළ ගුණාත්මකභවින් යුතු මාළු ලබාදිමේ නව වැඩපිළිවෙලක්
ඉහළ ගුණාත්මකභවින් යුත් මාළු ලබාදීමේ වෙළද නාමය රැකගනිමින් මාළු බෙදාහැරීමේ නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලංකා ධීවර සංස්ථාව තීරණය කර ඇත .
ඒ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා සහ ලංකා ධීවර සංස්ථාවේ සභාපති , කළමණාකාර අධ්යක්ෂ සහ සියලු අංශ ප්‍රධානීන්ගේ සහභාගිත්වයෙන් ඊයේ ( 13 ) දින පැවති සාකච්ජාවේදීය .
මෙම සාකච්ජාවේදී තීරණය කෙරුනේ ධීවර සංස්ථාවට මාළු ලබාගැනීමේ ක්‍රමවේදය පුළුල් වෙනසකට ලක් කරමින් කිසිදු අතර මැදියකුගෙන් තොරව සෘජුවම ධීවර ජනතාවගෙන්ම වැල්ලේදීම අවශ්‍ය මාළු තොග මිලදී ගැනීමටය .
අදාළ නව වැඩපිළිවෙල මගින් අතරමැදියන් වෙත ලැබෙන විශාල කොමිස් මුදලක් ඉතිරි කර ගැනීමට සේම , අඩු මුදලට ජනතාවට මාළු ලබාදීමේ හැකියාව ලැබෙන බව මෙම සාකච්ජාවේදී අවධාරණය කෙරිණි .
එහිදී අනාවරණය වුයේ ඇතැම් අවස්ථාවලදී අතරමැදියන්ගේ මැදිහත් වීම නිසා කිලෝවකට රුපියල් තිහත් හතලිහත් අතර මුදලක් කොමිස් ලෙස ගසාකෑමට ලක්වන බවය . සෘජුවම වැල්ලේදී ධීවරයාගෙන්ම මාළු මිලදීගැනීම මගින් එම කොමිස් මුදල ඉතිරි කර ගැනීමේ වාසිය ජනතාවට ලබාදීමට ද මෙහිදී තීරණය විය .
විධිමත් වැඩපිළිවෙලක් යටතේ විනිවිදභාවයකින් යුක්තව අදාළ කටයුතු සිදුකිරීම සඳහා අධීක්ෂණය සඳහාම නිලධාරීන් යෙදවීමටත් , ගෙවීම් කර විගණනය කරනවා වෙනුවට රජයේ පිළිගත් මුදල් ප්‍රතිපත්තිය අනුව ගෙවීමට පෙර අදාල කටයුතු නිසි ලෙස සිදුව ඇති බවට වන විගණනයට ලක් කර ගෙවීම් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද මෙහිදි තිරණය විය .
සිදු විය හැකි අක්‍රමිකතා පාලනය කරගැනීම මෙම වැඩපිළිවෙලේ මුලික අරමුණය .

popular news
-
කල්පනා Tuesday, 14 May 2019 01:47 PM
අපි සිටින ප්‍රදේසයේ තිබෙන ධිවර වෙළඳසැලේ නම් කිසිම දිනක හොඳ මාලුනම් දකින්නම නැහැ.ඒ වගේම එතැන තිබෙන බස්නැවතුමේ සිටින්නට බැරිතරම් දුඟදයි අපිත් ධීවර සංස්ථාවෙන් අඩුමිළට මාලුටිකක් ගන්න කැමති වුනත් එය ඉටු නොවන නිසා නගරයේ පැරණිම කඩයෙන් අධිමිළට මාලු ගන්නවා.ඔය කථාව සැබෑනොවන සිහිනයක් පමණයි
Reply : 0 0
sajan Tuesday, 14 May 2019 01:54 PM
ගුණාත්මක භාවයෙන් යුතු වස ටිකක් දෙන්න බැරිද?
Reply : 0 1
Kumar Tuesday, 14 May 2019 07:44 PM
ලෝකෙ හොඳ මාළු කියල දෙයක් නැහැ. සැම මාළුවාගේ ශරීරයමේ mercury ලෝහය ඇතිබව කියන්න ඕනෙ. මෙම ලෝහය ශරීරවල රැඳී සිටන නිසා වැඩිපුර මත්සයින් ආහාරයට ගැනීම ශරීරයට හිතකර නොවේ. රතු මසුත් වැඩිපුර නොකන එක තමා හොද.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

